Get all the latest news, Politics, Sri Lankan daily hot Sinhala, hottest celebrity gossip and much more on LNR.lk

ඇමැති අමරවීර-ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් සාකච්ඡාවක්

Politics

උතුරු පළාතේ ධීවරයින්ගේ ගැටළු හා ධීවර වරායන් ප්‍රතිසංස්කරණය කිරීම පිළිබඳ ඇති ගැටළු පිළිබඳ ධීවර සහ ජලජ සම්පත් ඇමැති මහින්ද අමරවීර හා උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ අතර සාකච්ඡාවක් ධිවර සහ ජලජ සම්පත් අමාත්‍යාංශයේදී පෙරේදා (29) පැවැත්විණි.
උතුරු පළාතේ ධීවර වරායන් පහක් නැවත සංවර්ධනය කිරීමට එහිදී තීරණය කළ අතර ඒ අනුව උතුරු පළාතේ පිහිටා ඇති තෙලිප්පලෙයි, මාදගල්, පුන්කුඩතිව්, ආනකෝට්ටේ, මන්ඩතිව් යන ධීවර වරායන් පහක් සංවර්ධනය කිරීමට නියමිතය.
ඊට අදාළ ඉඩම් වල ගැටළු මේ වන විට නිරාකරණය කර ඇති අතර අදාළ වරාය ආශ්‍රිත ධීවරයින්ට අවශ්‍ය ඉන්ධන ලබාදීම සඳහා සුදුසු මධ්‍යස්ථානයක් සහ මසුන් ගබඩා කිරීමට මධ්‍යස්ථානයක් ඉදිකිරීමට ද නියමිතය.
මීට අමතරව උතුරු පළාතේ ධීවරයින්ට නවීන විද්‍යාව හා තාක්ෂණික දැනුම ලබාදීමත් ඒ තුළින් ඔවුන් ගේ ජීවිත සවිබල ගැන්වීමත්, බහුදින ධීවර යාත්‍රා ලබාදීමට වැඩ පිළිවෙලක් සකස් කිරීමත් පිළිබඳ සාකච්ඡාවට බඳුන් වූ අතර නීතිවිරෝධී ක්‍රම මගින් සිදුවන මත්ස්‍ය විනාශය පිළිබඳ නිසි පියවර ගැනීමට ද තීරණය කරන ලදී.


Written by

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Check Also
රක්ෂණ දින සමරු මුද්දරය සහ මුල් දින කවරය ජනපතිට
සැප්තැම්බර් පළමුවැනිදාට යෙදී ඇති ජාතික රක්ෂණ දිනය වෙනුවෙන් නිකුත් කරනු ලබන සමරු මුද්දරය සහ මුල්දින ...