free page hit counter

නාවල්අඩි මුහුදෙන් මතු වුණේ විසකුරු සර්පයෝද? විද්‍යාත්මක පැහැදිලි කිරීම මෙන්න

Technology 1372

සාමාන්‍යයෙන් සර්පයෙක් දැක්කම බයවෙන්නේ උෟ දැක්ක කෙනා විතරයි. නමුත් පහුගිය දවසක මකඩළපුව මුහුදේ මතු වූ සර්පයන් ගැන අහලා රටෙන් බාගයකට වඩා වැඩි කොටසක් කලබල වුණා. හේතුව සුනාමි බිය. 2004 වර්ෂයේ ආ සුනාමියට පෙරත් මඩකළපුව මුහුදෙන් මේ විදියටම සර්පයෝ මතු වුණා කියලා ඇතැමුන් කියන කතාව නිසයි ඒ භීතිය ඇති වුණේ.
මෙවර සිද්ධිය වාර්තා වුණේ මඩකළපුව නාවල්අඩියෙන්. නාවල්අඩි ධීවර රැකියාවේ යෙදුණු සියලුම ධීවරයන්ගේ දැල්වල එම සර්පයන් පැටලී තිබූ බවයි පැවැසුණේ. මුහුදු සර්පයන් (Sea Snakes) ලෙස මෙම ජීවීන් හැඳින්වුවත් මේ මුහුදු සර්පයන් නොව ගංගා, ඇළ ‍ෙදාළ හා කළපු ආශි්‍රතව වෙසෙන ආදා (Anguilla) මත්ස්‍ය විශේෂයක් ලෙස නාරා ආයතනය පෙන්වා දෙනවා. මෙම ජීවීන් පිළිබඳව වැඩිදුරටත් පර්යේෂණයක් සිදු කිරීමට ධීවර අමාත්‍යවරයා විසින් නාරා ආයතනයට උපදෙස් දෙනු ලැබූයේ ජනතාවගේ සැකය දුරලන්නයි.
මඩකළපුව මුහුදු තීරයේදී හමු වූ සර්පයන්ගෙන් කිහිප දෙනකු ක්ලෝරීන් දමා කොළඹට රැගෙන ආ බවත් ඔවුන් නාරා ආයතනයේදී රසායනාගාර පර්යේෂණයකට යොමු කළ බවත් අපට දැනගන්න ලැබුණා. මේ ජීවී වර්ගය කුමක්ද, උන් විශාල ප්‍රමාණයක් මා දැලට හසුවීමට තුඩු දුන් හේතුව කුමක්ද මේ සත්ත්ව විශේෂයේ මතුවීම හා සුනාමිය අතර සම්බන්ධතාවක් තිබේද යන කරුණු පිළිබඳව අදාළ පර්යේෂණ හා බැඳුණු තොරතුරු දැනගැනීමට අප නාරා ආයතනයේ සමුද්‍ර ජීවී අංශයේ අංශ ප්‍රධානී ආචාර්ය සිසිර හපුතන්ත්‍රි මහතා විමසුවා.
“අපේ ආයතනය ජල සම්පත්, මුහුදු පැළෑටි, කොරල් පිළිබඳ විශේෂයෙන්ම මත්ස්‍ය වර්ග පිළිබඳව බොහෝ පර්යේෂණ සිදු කළත් මේ ජීවී විශේෂය පිළිබඳ අධ්‍යයනයක් සිදු කරලා තිබුණේ නෑ. අපි විතරක් නෙමෙයි ලෝකෙ කොහේවත් මේ ජීවීන් පිළිබඳ අධ්‍යයනයක් සිදු වෙලා නෑ. නාරා ආයතනයෙන් ලබාගත් විශේෂ සාම්පලයට අනුව පරීක්ෂා කිරීමේදී පෙනී ගිය මූලිකම කරුණ තමයි මෙම සතුන් මත්ස්‍ය විශේෂයක් වන බවත් Snake eel නමැති ආඳන් විශේෂයට අයිති බවත්. තවදුරටත් මොවුන් හඳුන්වාදෙනවා නම් මේ විශේෂය Ophichthyidae කුලයට අයත්. විද්‍යාත්මකව මොවුන් හඳුන්වන්නේ Callechelys sp. සත්ත්ව කාණ්ඩයක් ලෙසයි.
බාහිර රූපකාය දිගින් ඉතා වැඩියි. ඒ වගේම දේහාකාරය සිහින්. මොවුන් සර්පයන් විශේෂයක් ලෙස බාහිරින් දිස්වුවත් කරමල්, පෘෂ්ටිය සහ ගුද වරල් සහිත මත්ස්‍ය විශේෂයක් ලෙසයි හඳුන්වන්න සිදුවෙන්නේ. කුඩා ප්‍රමාණයේ විවරයකින් ඔවුන්ගේ කරමල් පිටතට විවෘත වෙලා තිබෙනවා.
චාමිණී ගම්මන්පිල


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Rating*

Check Also
නව නිර්මාණ සඳහා රජත සම්මානයන්ගෙන් පිදුම් ලැබූ පුංචි නිර්මාණකරුවා
"සහසක් නිමැවුම්" 2017 හා "ශ්‍රී ලංකා ඉන්ජිනේරු නව නිපැයුම්" 2017 සමස්ත ලංකා තරගාවලියේ දෙවැනි විශිෂ්ට ...