Get all the latest news, Politics, Sri Lankan daily hot Sinhala, hottest celebrity gossip and much more on LNR.lk

රත්නපුර හිමිනමගෙන් මැරුම් කෑ පොලිස් සැරයන්ට ඊට පෙර කිලිනොච්චියෙදීත් මාරක ප්‍රහාරයක්

local

රත්නපුර කොස්පැලවින් ප්‍රදේශයේදී හිමිනමකගේ පහරදීමකින් මිය ගිය පොලිස් සැරයන් සමරවික්‍රම මහතා ඊට පෙර කිලිනොච්චිය දිස්ත්‍රීක්කයේ රාජකාරි කරමින් සිටියදීද මාරක ප්‍රහාරයක් එල්ල වී ඇති බවට කිලිනොච්චිය පොලීසිය කියා සිටියේය.

2016 වසරේ ඔක්තොම්බර් මස 25 වනදා උතුරු පලාතේ පැවති හර්තාල් ව්‍යාපාරයක් හේතුවෙන් කිලිනොච්චිය දිස්ත්‍රීක් මහරෝහල ඉදිරිපිටදී බීමතින් හැසිරෙමින් ජනතාවට හිරිහැර කරන ලද පුද්ගලයින් පිරිසක් අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේදී මෙම මාරක ප්‍රහාරය එල්ල වී ඇති බවට වාර්ථා වෙයි.

බීමතින් හැසිරෙමින් ජනතාවට බාධා කරන ලද පිරිසක් අත්අඩංගුවට ගැනීමට ගිය පොලිස් සැරයන් සමරවික්‍රම නිලධාරියාට එහි සිටි බීමත් පුද්ගලයෙකු විසින් බෝතල් ප්‍රහාරයක් එල්ල කොට ඇති අතර එහිදී සැරයන් සමරවික්‍රම නිලධාරියාගේ මුහුණ සහ ගෙල දැඩි ලෙස තුවාල සිදුවීම හේතුවෙන් කිලිනොච්චිය රෝහලට ඇතුලත් කොට ඇත.

බරපතල තුවාල ලැබූ සැරයන් සමරවික්‍රම පොලිස් නිලධාරියාගේ තුවාල සුව වූ පසු ස්ථාන මාරුවක් ගෙන රත්නපුර පොලීසියට ගොස් ඇති බවට කිලිනොච්චිය පොලිස් වාර්ථාවල සඳහන් වෙයි.


Written by

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Check Also
වැලි ප්‍රවාහනය කරන ටිපර් රථ නිරීක්ෂණයට GPS තාක්ෂණය
වැලි ප්‍රවාහනය කරන සියලුම ටිපර් රථ නිරීක්ෂණය කිරීම සඳහා ඒවා ජී.එස්.පී. තාක්ෂණයට සම්බන්ධ කිරීමට භූවිද්‍යා ...