free page hit counter

කෝටියක කේරල ගංජා උතුරු මුහුදේ පාවෙමින් තිබියදී අත්අඩංගුවට

local 1219

යාපනය කන්කසන්තුරයට උතුරු දෙසින් වූ මුහුදු ප්‍රදේශයේ පා වෙමින් තිබූ රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා කිලෝග්‍රෑම් 83 යි ග්‍රෑම් 500 ක් නාවික හමුදාව විසින් සොයා ගනු ලැබීය.

උතුරු නාවික විධානයට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවක අනුයුක්ත නාවික හමුදා නිලධාරීන්ගේ මුර සංචාරයක් දී එම කේරල ගංජා තොගය මුහුදේ පාවෙමින් තිබියදී නාවික හමුදා නිලධාරීන් වෙතට හමුවී ඇත.

අදාල කේරල ගංජා තොගය ඇසුරුම් 39 ක බහා තිබී ඇති අතර විකිණීම සඳහා මෙලෙස  ඉන්දියාවේ සිට උතුරු මුහුදට ජාවාරම්කරුවන් විසින් රැගෙන එන අතරවාරයේ නාවික හමුදාව දැක කේරල ගංජා තොගය මුහුදට දමා ගොඩබිම වෙත රැගෙන ඒමට උත්සාහ දරා ඇති බවට නාවික හමුදාව සැක පල කරයි.

සොයාගත් එම කේරල ගංජා තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා කන්කසන්තුරය පොලිසිය වෙත බාර දීමට කටයුතු කළ බව නාවික හමුදාව පවසයි.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Rating*

Check Also
හෙරොයින් සමඟ කාන්තාවක් ඇතුළු 8 ක් අත්අඩංගුවට
පිළියන්දල මිරිස්වත්ත බණ්ඩාරනායක නිවාස සංකීර්ණයේ අද (19) අලුයම සිදු කළ ක්ෂණික සෝදිසි මෙහෙයුමක දී හෙරොයින් ...