free page hit counter

උසස් පෙළ දැරියකට අතවර කරපු මන්ත්‍රීට වැඩ වරදී

local 1270

මුලතිව් උදයාර්කට්ටු ප්‍රදේශයේ පාසලක උසස් පෙළ විභාගයට පෙනී සිට නැවත නිවෙස බලා යමින් සිටි  සිසුවියක පැහැරගෙන ගොස්  පලෙයි ප‍්‍රදේශයේ කැලෑවක රඳවාගෙන අපයෝජනය කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන්  2017/2018 වසර යොවුන් පාර්ලිමේන්තු  මන්ති‍්‍රවරයකු ලෙස කටයුතු කරන සැකකරුවෙකු අද (22)  අත්අඩංගුවට ගත් බව පුදුකුඩිඉරුප්පු පොලීසිය පවසයි.

පොලිසිය පැවසූවේ අදාළ සිසුවිය පසුගිය 19 වැනිදා විභාගය නිමාවි නැවත නිවස බලා එමින් සිටියදී 26 හැවිරිදි යොවුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා හා ඔහුගේ මිතුරෙකු විසින් වෑන් රථයකින් පැහැර‍ගෙන ගොස් ඇති බවයි.

සිසුවිය විභාගට ගොස්   නැවත නිවසට නොපැමිණි බවට  සිසුවියගේ ඥාතීන් පුදුකුඩුඉරිප්පු පොලීසියට කළ පැමිණිල්ලක් අනුව පොලීසිය සිදුකළ පරීක්ෂණයකදී සැකකරු අත්අඩංගුවට ගත් බව වාර්තා වෙයි.

පොලිසිය පැවසූවේ සැකකාර මන්ත්‍රීවරයා විසින් පලෙයි ප්‍රදේශයේ කැළෑවදී සිසුවිය අපයෝජනයට ලක්කොට 20 වැනිදා නැවත සිසුවිය මුදාහැර ඇති බවයි.

සිසුවිය මුදා හැරීමෙන් අනතුරුව නිවස වෙත පැමිණ ඇති අතර, එහිදි සිසුවිය ඥාතීන් හා පොලීසිය වෙත සිද්ධිය අනාවරණය කොට තිබිණ.

අනතුරුව පොලිසිය විසින් සැකකාර යොවුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඇතුළු ඔහුගේ මිතුරා අත්අඩංගුවට ගත් බවය පොලීසිය සඳහන් කළේය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් හෙට(23) මුලතිව් මහේස්ත්‍රාත්වරයා වෙත යොමු කිරීමට නියමිත අතර, සිසුවිය වෛද්‍ය පරීක්ෂණයක් වෙත යොමු කිරීමට නියමිත බවද පොලීසිය සඳහන් කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් මුලතිවි පුදුකුඩිඉරිප්පු පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Rating*

Check Also
දැරිය අපයෝජනය කළැයි උපකාරක පන්ති ගුරුවරයා රිමාන්ඩ්
බණ්ඩාරගම නගරයේ උපකාරක පන්තියක් තුළ දී පාසල් දැරියක් වසර දෙකහමාරක කාලයක සිට අපහරණය කළ බව ...