free page hit counter
LATEST

කෘෂි ක්ෂේත‍්‍රයට හිමිවන විදේශිය ආයෝජන රටට බරක් නොවේ

Politics 1410

ගොවි ආර්ථිකය නගා සිටුවීම වෙනුවෙන් වාරි ක්ෂේත‍්‍රයේ පුළුල් පරිවර්තනයක් සිදු කරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

රට ගොඩනගන සංවර්ධන වැඩපිළිවෙළේදී ගොවි ආර්ථිකය නගා සිටුවන සංවර්ධන ව්‍යාපෘතිවලට ප‍්‍රමුඛත්වයක් ලබා දෙන්නේ මේ රට ගොඩනැගිය හැකි නිවැරදි මාවත කෘෂිකර්මාන්තය නිසා බව ජනාධිපති පැවසීය.

ඒ උදෙසා සිදුකරන ආයෝජනවල ප‍්‍රතිඵල ද පැහැදිලි අතර ඒ තුළින් ජනතාවට කඩිනමින් ප‍්‍රතිලාභ හිමිවන බව ජනාධිපතිවරයා  පෙන්වා දුන්නේය.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මේ බව පෙන්වා දුන්නේ මෙම 24 වනදා දියත් කිරීමට නියමිත එල්ලංගා පද්ධති මගින් සබැඳුන ග‍්‍රාමීය වැව් 2400ක් ප‍්‍රතිසංස්කරණ මහා වාරි සත්කාරය සහ වයඹ ඇළ දෙවැනි අදියර වැඩ ආරම්භ කිරීමේ කටයුතු පිළිබඳ දැනුවත් කිරීමට ඊයේ (21) පස්වරුවේ කොටුව ජනාධිපති මන්දිරයේ දී මාධ්‍යවේදීන් හමු වූ අවස්ථාවේදී ය.

ණය බරින් නිදහස් වු ආර්ථික සමෘද්ධිය ඇති ස්වයංපෝෂිත ජාතියක් ලෙස හෙට දවසේ නැගී සිටිය හැක්කේ ද කෘෂිකාර්මික ක්ෂේත‍්‍රයේ සිදුකෙරන විප්ලවීය පරිවර්තනය තුළින් බව ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

කෘෂිකාර්මික රටක් වුව ද ගොවි ආර්ථික නගාසිටුවන සංවර්ධන ව්‍යාපෘති සඳහා පසුගිය කාලය තුළ ප‍්‍රමුඛත්වයක් හිමි නොවීම තුළින් ගොවි ජනතාවගේ ගැටළුවට විසඳුම් හිමි නොවූ බව ජනාධිපතිවරයා එහිදි සඳහන් කළේය.

කෘෂි ක්ෂේත‍්‍රයේ සංවර්ධනය වෙනුවෙන් රජය කි‍්‍රයාත්මක කරන ව්‍යාපෘති සඳහා සහය දැක්වීමට ලෝකයේ රටවල් රැසක් මේ වන විට ඉදිරිපත් වී ඇති බව සඳහන් කළ ජනාධිපතිවර එම ආයෝජන කිසිසේත් රටට ණය බරක් ඇති නොකරන බව ද කියා සිටියේය.

මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති සමඟ නිරන්තරයෙන් අත්වැල් බැඳගන්නා වංචා දුෂණ පිළිබඳ පැල්ලම් වත්මන් රජයේ තෙවසරක සංවර්ධන වැඩපිළවෙළ තුළ දක්නට නොලැබුණු බව ද ජනාධිපතිතුමා වැඩිදුරටත් අදහස් දක්වමින් ප‍්‍රකාශ කළේය.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Rating*

Check Also
ජපාන ආරක්ෂක ඇමති හම්බන්තොට වරායට- මාධ්‍යවේදීන්ට තහංචියක්
දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින ජපාන ආරක්ෂක අමාත්‍ය ඉට්සුනොරි ඔනොඩේරා මහතා අද (22) කොළඹ හා ...