free page hit counter

යාපනයට ගිය ජනපතිට සිවාජලිංගම්ගෙන් උණුසුම් පිළිගැනීමක්

Politics 1188

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා උතුරට පැමිණෙන සෑම අවස්ථාවකම වීරෝධතාවය දැක්වූ උතුරු පළාත් සභා දෙමළ ජාතික සන්ධාන මන්ත‍්‍රී එම්.කේ.සිවාජිලිංගම් මහතා අද(22) ජනාධිපතිවරයා යාපනය කන්කසන්තුරය ධීවර වරායට පැමිණි අවස්ථාවේ උණුසුම් අයුරින් පිළිගනු ලැබූ අයුරු දක්නට ලැබිණි.

මන්ත‍්‍රීවරයා ජනාධිපතිවරයාගේ අතට අතදී කතාබහ කරන අයුරු  පැමිණ සිටි බොහෝ දෙනාගේ විමතියට හේතු විය.ජනාධිපතිවරයාත් මන්ත‍්‍රිවරයාත් දෙදෙනාම ඉතා සුහදව කතාබස් කරන අයුරුද   දැක ගත හැකිවිය.

යාපනය ප‍්‍රදේශයට ජනාධිපතිවරයා පැමිණෙන සෑම අවස්ථාවකදීම පාහේ කළු කොඩි ඔසවා විරෝධතා  දැක්වීමට සිවාජිලංගම් මන්ත්‍රීවරයා මීට පෙර කටයුතු කළේය.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Rating*

Check Also
රට ආපස්සට ඇද දැමූ මිලේච්ඡ ත්‍රස්තවාදයට යළි ඉඩක් නෑ
සියලුදෙනාගේ අරමුණ සහ අධිෂ්ඨානය විය යුත්තේ නැවත රට තුළ යුද්ධයක් ඇති නොවන අයුරින් කටයුතු කිරීම ...