free page hit counter
LATEST

රට ආපස්සට ඇද දැමූ මිලේච්ඡ ත්‍රස්තවාදයට යළි ඉඩක් නෑ

Politics 1156

සියලුදෙනාගේ අරමුණ සහ අධිෂ්ඨානය විය යුත්තේ නැවත රට තුළ යුද්ධයක් ඇති නොවන අයුරින් කටයුතු කිරීම බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජීවිත දහස් ගණනක් අහිමි කරමින් හා ජාතික සම්පත් විනාශ කර දමමින් ට තුළ ඉඩක් තැබිය නොහැකි බව ජනාධිපතිවරයා පවසයි.

මයිලිඩ්ඩි ධීවර වරාය ප්‍රතිසංස්කරණය හා නැවත ක්‍රියාත්මක කිරීමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම අදහස් පල කර තිබේ.

එහිදී ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ ආරක්ෂක අංශ භාරයේ පැවති උතුරේ ඉඩම්වලින් සියයට 86 ක් පමණ මේ වන විට මුල් පදිංචිකරුවන් වෙත නිදහස් කර ලබා දී ඇති බවයි.

ඉතිරි සියයට 12 ක ප්‍රමාණය ද කඩිනමින් ජනතාව වෙත ලබාදිය යුතුය යන පැහැදිලි ප්‍රතිපත්තිය තුළ රජය කටයුතු කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එහිදී වැඩිදුරටත් සඳහන් කර තිබේ.

සමහර ප්‍රශ්න උතුරට පමණක් සීමාවී නොමැති බවද ජනපතිවරයා ප්‍රකාශ කළේය.

මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ඉහළම දඬුවම් ලබාදෙන බවත් මරණ දඬුවම ක්‍රියාත්මක කරන බවද ජනාධිපතිවරයා අවධාරණය කළේය.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Rating*

Check Also
මන්ත්‍රී විමධ්‍යගත ප්‍රතිපාදන තවම නැතැයි ඒකාබද්ධය කියයි
පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් සදහා මෙම වසරට විමධ්‍යගත ප‍්‍රතිපාදන වශයෙන් ලැබිය යුතු රුපියල් ලක්‍ෂ 100ක මුදල මේ ...