free page hit counter

විශ්වවිද්‍යාලයක් සතු විශාලතම සම්මන්ත්‍රණ ශාලාව 03දා ජනපති අතින් විවෘත වෙයි

Politics 1152

ඉන්දියානු රජයේ ආධාර යටතේ ඉදි කළ විශ්වවිද්‍යාලයක් සතු ශ්‍රී ලංකාවේ විශාලතම සම්මන්ත්‍රණ ශාලාව 2018 සැප්තැම්බර් 3 වන දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහාතා විසින් රුහුණු විශ්ව විද්‍යාලය සතු වීමට නියමිතය.

ඉන්දියාවේ ශ්‍රී ලංකා සංවර්ධන සහයෝගීතා ව්‍යාපෘතියක් ලෙස ඉදි කරනු ලබන මෙම සම්මන්ත්‍රණ ශාලාව රවීන්ද්‍රනාත් තාගෝර් අනුස්මරණ ශ්‍රවණාගාරය ලෙස නම් කර ඇත.

ඉන්දීය අග්‍රාමාත්‍ය නාරේන්ද්‍ර මොදී මහතා 2015 මාර්තු මාසයේ සිදු කළ සංචාරය අතරතුරදී මේ පිළිබඳ අවබෝධතා ගිවිසුම ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අත්සන් කර තිබේ.

ශ්‍රී ලංකා රජයේත් , විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන්  සභාවෙත් සහ රුහුණු විශ්ව විද්‍යාලයේත් සංකල්පයකට අනුව නිර්මාණය වන මෙම සම්මන්ත්‍රණය ශාලාවේ සම්පුර්ණ වියදම ශ්‍රී ලංකා රුපියල් මිලියන 265ක් බව වාර්තා විය.

අංගසම්පුර්ණ නෘත්‍යශාලා පහසුකම්, ආලෝකකරණ පහසුකම් වලින් යුක්ත ප්‍රධාන ශාලාවේ 1500කට අධික පිරිසකට ආසන පහසුකම් සපයා ඇති අතර සුප්‍රසිද්ධ ශ්‍රී ලාංකික ගෘහ නිර්මාණ ශිල්පී ජෙෆ්රි බාවාගේ  “නිවර්තන නූතනවාදයේ” දර්ශනයට අනුකූලව මෙම ශ්‍රවණාගාරය සැලසුම් කර ඇත.

ලෝකයේ දැනට පවතින නවීනතම අධිතාක්ෂණික ශබ්ද පරිපාලන පද්ධතියකින් සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රය සන්නද්ධව පවතී.

මේ අතර ශ්‍රී ලංකාව තුළ ඉන්දියා විසින් සිදු කර ඇති සමස්ත සංවර්ධන ව්‍යාපෘති ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 3 කට ආසන්න වන අතර මෙයින් ඩොලර් මිලියන 550 ක් පමණ ඉන්දියානු රජය විසින් මෙරටට ලබාදී ඇති සහනාධාරය.

ශ්‍රඉන්දියාවේ සංවර්ධන සහයෝගීතා ව්‍යාපෘති විශේෂිත ප්‍රදේශ හෝ අංශවලට පමණක් සීමා නොවු අතර ශ්‍රී ලංකාවේ අවශ්‍යතා අනුව ශ්‍රී ලංකාව පුරාවට සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්ම වෙයි.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Rating*

Check Also
කැපුම් තුවාල ලැබූ පිඹුරාට සැත්කමක්
තණකොළ කපන යන්ත්‍රයකට හසුවිමෙන්  බරපතල ලෙස  කැපුම් තුවාල ලැබූ පිඹුරකු සැත්කමකට භාජනය කිරිමෙන් පසු  මේ ...