free page hit counter

සීමා නීර්ණය වාර්තාව පරාජය වීම නිසා ජනපති ඉල්ලා අස්විය යුතුයි

Politics 1127

පලාත් පාලන මැතිවරණය පැවැත් විම සදහා රජය මගින් ඊයේ (24) පාර්ලිමේන්තුවට ගෙනා යෝජනාව පරාජය විම නිසා අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉල්ලා අස්විය යුතු බව එක්සත් ජාතික නිදහස් පෙරමුණේ සභාපති නිතිඥය මෛත්‍රි ගුණරත්න මහතා කියා සිටියේය.

මෛත්‍රි ගුණරත්න මහතා ඒ බව කියා සිටියේ අද (25) පස්වරුවේ මස්කෙලිය නගරයේ රෝයල් හෝටලයේදි එම පක්ෂයේ සමාජිකයන් දැනුවත් කිරිම සදහා පැවති රැස්විමකදීය.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු නිතිඥය මෛත්‍රි ගුණරත්න මහතා කියා සිටියේ ජනාධිපතිවරයා බලයට පත් විමේදි මේ රටේ ජනතාවට ලබා දුන් පොරොන්දුවක් ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල යෝජනාව පරාජය විමත් සමග උල්ලංඝනය කර ඇති බවයි.

මනාප ක්‍රමයට මැතිවරණය පැවැත්විමෙන් මේ රටේ යලිත් දේශපාලඥයන් දුෂනයට පෙලබවිමට ඉඩ ඇති බවත් , පලාත් පාලන මැතිවරණය පැවැත් වු ක්‍රමයටම පලාත් සභා මැතිවරණය පවත්වන ලෙසයි මෛත්‍රි ගුණරත්න මහතා ඉල්ලා සිටියේය.

ආමාත්‍ය්‍ය ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා ඊයේ(25) පතාලය රජකරවන බවත්, පොලිස්පති පුජිත ජයසුන්දර මහතා බලයේ  සිටිනතාක්කල් මේ රටේ පොලිසියට ස්වාධිනව කටයුතු කිරිමට අවස්ථාව නොලැබෙන බවද මෛත්‍රි ගුණරත්න මහතා මෙහිදි වැඩි දුරටත් කියා සිටියේය.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Rating*

Check Also
පලස්තීනුවන්ට දෙන ආධාර කපයි
ගාසා තීරයේ සහ බටහිර ඉවුරේ පලස්තීනුවන් වෙනුවෙන් ලබා දෙන ඇමෙරිකන් ඩොලර් මිලියන 200 කට වැඩි ...