free page hit counter

ගෝඨාභයට නොතීසි

Politics 1291

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් හත් දෙනෙකුට විශේෂ මහාධිකරණය හමුවේ සැප්තැම්බර් මස 10 වන දින පෙනී සිටින ලෙසට නොතීසි නිකුත් කර තිබේ.

පසුගිය රජය සමයේ  ඩී. ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රජයේ මුදල් රුපියල් මිලියන හතළිස් නවයක් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා කරමින් හිටපු ආරක්ෂක ලේකම්වරයා ඇතුළු විත්තිකරුවන් 7 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා අධිචෝදනා පත්‍රය කොළඹ විශේෂ මහාධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ.

මෙම නඩුව කොළඹ විශේෂ මහාධිකරණය හමුවේ ගොනු කෙරෙන දෙවැනි නඩුව බවද සඳහන් වෙයි.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Rating*

Check Also
ලෝකෙට දෙන උතුම්ම දායාදය ගැන ජනපති පවසයි
බෞද්ධ රටක් ලෙස අපට ලෝකයට ලබාදිය හැකි උතුම්ම දායාදය බෞද්ධ දර්ශනය බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ...