free page hit counter

අරියානාව ප්‍රසිද්ධියේම ස්පර්ශ කළ ඇමෙරිකානු බිෂොප් සමාව ඉල්ලයි

World 1446

අරීතා ෆ්‍රැන්ක්ලීන්ගේ අවමංගල්‍ය උත්සවයේ ආගමික කටයුතු මෙහෙයවූ ඇමෙරිකානු බිෂොප්වරයා එම උත්සව සභාව තුළ ප්‍රසිද්ධියේම ජනප්‍රිය ගායිකා අරියානා ග්‍රන්ඩේගේ පපු ප්‍රදේශය ස්පර්ශ කිරීම සම්බන්ධයෙන් සමාව ඉල්ලා තිබේ.

අවමංගල්‍ය උත්සවයේදී අරීතා වෙනුවෙන් ගීතයක් ගැයීමට පැමිණි අරියානා කරා පැමිණි බිෂොප්වරයා, ඇගේ ඇඟ වටා අතක් යවමින්, විනාඩි කිහිපයක් ඇගේ පපු ප්‍රදේශය ඉතා දැඩිව ස්පර්ශ කරමින් ඉතා අශෝභන හැසිරීමක් පෙන්නුම් කර ඇති බවට චෝදනා නැගෙයි.

මෙම අවස්ථාවේදී අරියානා දැඩි අපහසුතාවකට පත්ව සිටි බව ඇගේ ශරීර ඉරියව් අනුව පෙන්නුම් කෙරුණත්, ආගමික නායකයෙකු හමුවේ ඇය දැඩි සංයමයකින් කටයුතු කර ඇති බවද මේ සම්බන්ධයෙන් විරෝධය දක්වන පිරිස් පෙන්වා දෙති.

කෙසේ වෙතත්, මෙම සිදුවීම එම අවස්ථාවේදී රූපරාමුවල පටිගතවීමත්, එම රූපරාමු මාධ්‍යයේ හා සමාජජාල හරහා ප්‍රසිද්ධියට පත්වීමත් සමග ඒ සම්බන්ධයෙන් සමාව ඇයද සිටීමට චාර්ල්ස් එච්. එලිස් නමැති බිෂොප්වරයා කටයුතු කර ඇති බව ඒ.පී. පුවත් සේවය පවසයි.

“කිසිදු කාන්තාවකගේ පපු ප්‍රදේශයක් ඇල්ලීමට මා හිතාමතා කටයුතු කළේ නෑ.”

“මම ඇයට ගොඩක් සමීපව හෝ මිතුරුව කටයුතු කළ නිසා ඇතැම් විට සීමාව ඉක්මවා යෑමක් සිදුවන්නට ඇති.”

“කෙසේ වෙතත්, මා නැවත වරක් මේ සම්බන්ධයෙන් සමාව අයැද සිටිනවා.”

ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ තමන් එම අවස්ථාවට සම්බන්ධ වූ සියලු කලාකරුවන් වැළඳගත් බවයි. එය කාන්තා පිරිමි භේදයකින් තොරව සිදුවූ බවද හෙතෙම පවසා සිටියි.

අදාළ බිෂොප්වරයා කෙසේ කවරක් සඳහන් කළද මෙම රූපරාමු දකින පිරිස් පවසන්නේ ඔහු හිතාමතාම 25 හැවිරිදි සුරූපී ගායිකාව ස්පර්ශ කරන බව ප්‍රකට කරන බවයි. එමෙන්ම, එම අවස්ථාවේදී ඇය දැඩි අපහසුවකට පත්ව සිටින ආකාරය හොඳින්ම දැකිය හැකි බවද ඔවුහු පෙන්වා දෙති.

මේ අතර, අදාළ අවමංගල්‍ය සභාව වෙනුවෙන් අරියානා ඇඟලාගෙන පැමිණි ඇඳුම සම්බන්ධයෙන්ද යම් විවේචනයක් පැවතී ඇති අතර, එය අවමංගල්‍ය සභාවකට ඉතා කෙටි ඇඳුමක් බවද සඳහන් වී තිබේ.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Rating*

Check Also
ජනපති ගමන්ගත් රථ පෙළ අනතුරක – ජනපතිට තුවාල
මෝල්ඩෝවා ජනාධිපති ඉගෝර් ඩොඩෝන් ගමන්ගත් මෝටර් රථ පෙළෙහි ලොරියක් ගැටීමෙන් සිදුවූ රිය අනතුරින් ජනාධිපතිවරයා තුවාල ...