free page hit counter

ජනපති ගමන්ගත් රථ පෙළ අනතුරක – ජනපතිට තුවාල

World 1388

මෝල්ඩෝවා ජනාධිපති ඉගෝර් ඩොඩෝන් ගමන්ගත් මෝටර් රථ පෙළෙහි ලොරියක් ගැටීමෙන් සිදුවූ රිය අනතුරින් ජනාධිපතිවරයා තුවාල ලබා තිබේ.

එරට අගනුවර වන චිසිනාඕ නුවරට වයඹ දිගින් වූ ස්ට්‍රසේනි හිදී මෙම අනතුර සිදුව ඇත්තේ ජනාධිපතිවරයා ගමන්ගත් රථ පෙළට ඉදිරිපසින් පැමිණි ලොරි රථයක් තවත් රථයකට ඉස්සර කිරීමට යාමේදීය.

මෙම අනතුරින් ජනාධිපතිවරයාගේ රථ පෙළෙහි එක් රථයක් උඩුකුරුව පෙරළී තිබුණු අතර, එරට මාධ්‍ය වාර්තාවන්ට අනුව ජනාධිපතිවරයා සුළු තුවාල ලබා තිබේ.

කෙසේ වෙතත්, මෙම අනතුරින් ජනාධිපතිවරයාගේ මවට බරපතළ තුවාල සිදුව ඇති බවද නිල නොලත් ආරංචි මාර්ග පවසයි.

වර්ෂ 2016 දෙසැම්බර් මාසයේ සිට මෝල්ඩෝවා ජනාධිපති ධුරයේ පසුවන ඉගෝර් 43 වැනි වියෙහි පසුවෙයි.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Rating*

Check Also
හිටපු ජනපති හෙට ඉන්දියාවේ සංචාරයක
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තෙදින සංචාරයක් සඳහා අද (10) දහවල් ඉන්දියාව බලා පිටත්ව යෑමට ...