free page hit counter

බුදු පිළිමයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

local 1495

පුරාවස්තුවක් බවට සැකකල හැකි බුදු පිළිමයක් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු මිනුවන්ගොඩ, වටිනපහ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

පෑලියගොඩ දිසා අපරාධ කොට්ඨාශය විසින් සිදුකළ වැටලීමකදී  සැකකරු සතුව තිබී පිත්තල පැහැයට සමාන කිලෝග්‍රෑම් 15යි ග්‍රෑම් 440ක් බරැති අඟල් 10ක් පමණ උසැති බුදු පිළිමයක් සොයාගත් බව සඳහන්ය.

අත්අඩංගුවට ගෙන ඇත්තේ හලාවත, බුද්ධිගම ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි පුද්ගලයෙකි.

සැකකරුගෙන් සිදුකළ වැඩිදුර ප්‍රශ්නකිරීම්වලදී ඔහු මුදල් වංචාකිරීම් හා  සොරකම් සඳහා ගල්කිස්ස හා කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණ වලින් වරෙන්තු  නිකුත් වී ඇති අයෙකු බව ද අනාවරණය වී තිබේ.

සැකකරු අද (12) දින මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධීකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර පෑලියගොඩ දිසා අපරාධ කොට්ඨාශය වැඩිදුර විමර්ශන සිදුකරයි.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Rating*

Check Also
පොලිස් ජිප් රථයත් හොරු අරන්
යාපනය, කොඩිකාමම් පොලීසියට අයත්ව තිබු ජිප් රථයක් පැහැරගත් සැකකරුවන් පිරිසක් අදාළ ජිප් රථය සමඟින් අත්අඩංගුවට ...