free page hit counter
LATEST

මෛත්‍රී – මහින්ද හවුලට සිකුරාදා තීරණාත්මකයි !

Politics 1416

අග්‍රාමාත්‍ය කාර්යාලයේ හා අමාත්‍යවරුන්ගේ වැය ශීර්ෂය කපා හැරීම සඳහා එක්සත් ජාතික පෙරමුණ, දෙමල ජාතික සන්ධානය හා ජනතා විමුක්ති පෙරමුණ විසින් කතානායක කරු ජයසූරිය මහතා වෙත භාර දී ඇති යෝජනාව සිකුරාදා (30) පාර්ලිමේන්තුවේ දී ඡන්ද විමසීමකට භාජනය කිරීමට නියමිතය.

ව්‍යවස්ථා සහ නීති විරෝධී අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු ආණ්ඩුව පස් වැනි වතාවටත් පාර්ලිමේන්තුවේදී පරාජයට පත් කිරීමට මේ වන විට සියලු කටයුතු සුදානම් කර තිබෙන බවත්, ඉන් අනතුරුව රනිල් වික්‍රමසිංහ මහතා අගමැති කිරීමට සහය පළකරමින් මන්ත්‍රීවරුන් 113කට වැඩි පිරිසකගේ දිව්රුම් ප්‍රකාශන එදිනම ජනාධිපතිවරයා වෙත බාරදීමට සැලසුම් කර ඇති බවත් එජාපෙ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයකු ‘ශ්‍රී ලංකා මිරර්’ වෙත පැවසිය.

එම අවස්ථාවන් ආවරණය කිරීම සඳහා ජාත්‍යන්තර මාධ්‍ය වලටද ආරාධනය කර ඇතැයි ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

පෙත්සම සලකා බැලීමත් 30 දා !

මහින්ද රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවේ බහුතර බලය නොමැති හෙයින් ඔහුගේ පත්වීම බලරහිත කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සමක් සලකා බැලීම පිණිස නොවැම්බර් 30 වෙනි දින කැඳවන මෙන් අභියාචනාධිකරණය අද (26) නියම කළේය.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරු මඬුල්ල එම නියෝගය කළේ එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 122 දෙනෙකු ඉදිරිපත් කළ පෙත්සමක් කැඳවනු ලැබූ අවස්ථාවේය.

එහිදී අදාළ පෙත්සම නොවැම්බර් 30 වන දින සහ දෙසැම්බර් 03 වැනි දින සලකා බැලීමට පියවර ගන්නා බව අභියාචනාධිකරණය නිවේදනය කළේය.

එම දිනට පෙර නඩුවට අදාළ ලේඛන වගඋත්තරකාර පාර්ශ්වය වෙත ලබාදීමට පියවර ගන්නා මෙන් ද විනිසුරු මඬුල්ල පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරුන් වෙත දන්වා සිටියහ.

කතානායක තහවුරු කරලා :

දේශපාලන අර්බුදයෙන් පසු පාර්ලිමේන්තුව:

2018 නොවැම්බර් 14 වෙනි දින පාර්ලිමේන්තුවේ හැන්සාඩ් වාර්තාව අනුව ශ්‍රී ලංකාවේ අගමැති ලෙස සඳහන් කර ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතා වන අතර, ඔහු ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලය කැබිනට් මණ්ඩලය ලෙස සටහන් කර තිබේ.

එමෙන්ම, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඇතුළු ආණ්ඩුවට එරෙහි ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මත වූ බව සඳහන් කතානායක තීරණය එදින හැන්සාඩ් වාර්තාවේ සටහන් කර ඇත.

පාර්ලිමේන්තු සභාගැබේ ඇති වූ නොසන්සුන්කාරී තත්වයත් සමග විශ්වාසභංග යෝජනාව සඳහා මන්ත්‍රීවරුන්ගේ නම්වලින් ඡන්දයක් පැවැත්වීමට කතානායකවරයා උත්සාහ දරා ඇති ආකාරය ද හැන්සාඩ් වාර්තාවේ දැක්වේ.

නමුත් සභාව තුලින් එයට දැඩි විරෝධයක් එල්ල වීමත් සමග, ආණ්ඩු පක්ෂය සහ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ හඬ අනුව තීරණයක් ලබා දීමට නැවතත් උත්සහ කර ඇති ආකාරයත් නිල වාර්තාවේ සටහන් වී තිබේ.

ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාව සම්මත වී ඇති හෙයින්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 48 (2) වගන්තියට අනුව අමාත්‍ය මණ්ඩලය විසුරුවා හැර ඇති බව සහ මේ වන විට අමාත්‍ය මණ්ඩලයක් පත් කර නොමැති හෙයින් කිසිදු මන්ත්‍රීවරයකු අගමැතිවරයා ලෙස හෝ ඇමැතිවරයකු ලෙස පිළිනොගන්නා බවට කතානායක කරු ජයසූරිය මහතා කළ නිවේදනය 2018 නොවැම්බර් 15 වෙනි දා හැන්සාඩ් වාර්තාවේ සඳහන් වේ.

විශ්වාසභංග යෝජනාව සම්මත වූ බවට කතානායකවරයා නිවේදනය කළ බව 2018 නොවැම්බර් මස 16 වෙනි දින පාර්ලිමේන්තු හැන්සාඩ් වාර්තාවේ ද සඳහන් කර ඇත.

– බීබීසී සිංහල සේවය-


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Rating*

Check Also
”අර්බුදයේ ප්‍රධානම සහචරයා, පික් පොකැට් මහින්ද” – කරු කියයි
රටේ දේශපාලන අස්ථාවර වී ඇති බැව් නීති විරෝධි අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් ප්‍රකාශ කොට ...