free page hit counter

මිය ගිය කතකගේ ගර්භාෂයෙන් ලොව පළමු වරට බිළිඳෙකු එළිය දකියි

Gossip Technology 1973

පරිත්‍යාග කරන ලද ගර්භාෂයක් බද්ධ කිරීමෙන් සාර්ථක ලෙස බිලිඳෙකු බිහිකර ගැනීමට බ්‍රසීල වෛද්‍ය කණ්ඩායමක් සමත්ව ඇත.

මෙම සාර්ථක සැත්කම සිදුකර ඇත්තේ බ්‍රසීලයේ සාවෝ පෝලෝ වෛද්‍ය විද්‍යාලයේ වෛද්‍ය කණ්ඩායමකි.

ජාන ගැටළුවක් හේතුවෙන් ගර්භාෂයක් රහිතව ඉපදුනු කාන්තාවකට ගර්භාෂයක් බද්ධ කර කළල රෝපණය මගින් සාර්ථකව බිලිදෙකු මෙලොව එලිය දුටු පළමු අවස්ථාව මෙයයි.

මොළයේ ලේ ගැලීමක් හේතුවෙන් 45 වැනි වියේ දී මියගිය කාන්තාවක් විසින් සිය ගර්භාෂය පරිත්‍යාග කර ඇති අතර එය 32 හැවිරිදි කාන්තාවකට බද්ධ කර තිබේ. බද්ධ කිරීමේදී ගර්භාෂය පැය 8ක පමණ කාලයක් ඔක්සිජන් රහිතව තිබුණ ද ඉන් පිළිසිඳ ගැනීමට බාධාවක් නොවී ඇතිබව වෛද්‍ය කණ්ඩායම සඳහන් කරයි.

සැත්කම සඳහා පැය 10ක පමණ කාලයක් ගතවූ බවත් සැත්කමින් පසු දින 2ක් දැඩි සත්කාර ඒකකයේ ද මාස 6ක් විශේෂ සායනික ප්‍රතිකාර ලබාදීම සිදුවූ බවත් වෛද්‍යවරු සඳහන් කරයි.

මේ වන විට ලෝකයේ සිදුකරන්නේ ජීවී දාකයන්ගෙන් ලබාගත් ගර්භාෂ බද්ධ කිරීමයි. ඇමරිකාව, ස්වීඩනය සහ සර්බියාව යන රටවලින් ඒ අනුව බිළිඳුන් සාර්ථක ලෙස අවස්ථා 12 කදී පමණ උපත ලබාඇති බව ‘ද ලැන්සෙට්‘ ජර්නලය සඳහන් කරයි. නමුත් ගර්භාෂ බද්ධය ලෝකයේ එතරම් සුලබ නොවන්නේ, ගර්භාෂ දානය කිරීමට ඉදිරිපත් වන කාන්තාවන් ඉතා අඩු හෙයිනි. වෛද්‍ය පර්යේෂකයන්ට අනුව, මේ සඳහා සුදුසු දායකයන් බවට පත්වන පවුලේ සාමාජිකයන් හෝ හිතවතුන් ලෝකයේ ඉතා අඩු ය. ඒ නිසා මේ සඳහා ප්‍රායෝගික වන එකම විසඳුම වී තිබෙන්නේ අදාළ ජෛව විද්‍යාත්මක අවශ්‍යතාවයන් සපුරාලන මියගිය කාන්තාවන්ගෙන් ලබාගන්නා ගර්භාෂ බද්ධ කිරීමයි.

කෙසේ වෙතත් මෙය ලොව පුරා දරුවන් අහිමි කාන්තාවන්ට සුභ ආරංචියක් වනු ඇත.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Rating*

Check Also
පොලිස්පතිට අාරක්ෂක මණ්ඩලය තහනම්.
ජනාධිපති නීතිඥවරුන් 25 දෙනෙකු අලුතින් පත්කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සූදානම් වන බව වාර්තා වේ. ...