free page hit counter

වව්නතිව් හි මියගිය පොලිස් සැරයන්ගේ පවුලේ අය ජනපති හමුවෙති

local 1039

මඩකලපුව, වව්නතිව් පොලිස් මාර්ග බාධකයේ රාජකාරියේ නිරතව සිටිය දී ඝාතනයට ලක් වූ පොලිස් සැරයන් නිරෝෂන් ඉන්දික ප්‍රසන්න විරුවාගේ බිරිඳ පුතණුවන් ඇතුළු පවුලේ සාමාජිකයන් ඊයේ (11) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමු විය.

මෙහිදී එම පිරිස සමඟ සුහද කතා බහක නිරත වූ ජනාධිපතිතුමා නිරෝෂන් ඉන්දික ප්‍රසන්න විරුවාගේ අභාවය පිළිබඳ සිය බලවත් කණගාටුව පළ කරනු ලැබීය.

වයස අවුරුදු හතරහමාරක් වයසැති කුඩා පුතණුවන්ගේ ඉදිරි අධ්‍යාපන කටයුතු මෙන්ම පවුලේ සුබසාධන කටයුතු සඳහා සහය දැක්වීමට කටයුතු කරන බව ද ජනාධිපතිතුමා ප්‍රකාශ කළේය.

එමෙන්ම නිරෝෂන් ඉන්දික ප්‍රසන්න විරුවාගේ බිරිඳ වන නදීකා ලක්මාලි මහත්මිය වෙත ගාල්ල, නාගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ග්‍රම ශක්ති වැඩසටහනේ සංවර්ධන නිලධාරී පත්වීමක් ලබාදීමට ද ජනාධිපතිතුමා පියවර ගනු ලැබීය.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Rating*

Check Also
ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කුමක් වුවත් කණ්ඩායමක් ලෙස ඉදිරියට කටයුතු කළ යුතුයි
පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කුමන තීන්දුවක් ලබාදුන්නද එකම කණ්ඩායමක් ලෙස ඉදිරියටත් කටයුතු කළ යුතු ...