free page hit counter

මහින්දගේ ‌‌අභියාචනා සළකා බැලීමට තීරණයක් : ඊවා වනසුන්දරත් අද විශ්‍රාම ගනී

Politics 1084

මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධූරයෙත් කැබිනට් මණ්ඩලය අදාළ ධූරවලත් කටයුතු කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණ නිකුත් කළ අතුරු තහනම් නියෝගයට එරෙහිව ඉදිරිපත් කළ අභියාචනා සළකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය තිරණය කර තිබේ.

ඊවා වනසුන්දර, බුවනෙක් අලුවිහාරේ හා විජිත් මලල්ගොඩ යන ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ මෙම අභියාචනා විභාග කරයි. මෙම අභියාචනා අද දිනයේදීම සළකා බැලීමට තීරණය කර තිබේ.

මහින්ද රාජපක්ෂ මහතා එක් අභියාචනයක් හා විජයදාස රාජපක්ෂ, චමල් රාජපක්ෂ ඇතුළු පිරිසක තවත් අභියාචනාවකුත් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඊවා වනසුන්දර අද විශ්‍රාම ගනී

මේ අතර ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඊවා වනසුන්දර මහත්මිය විනිසුරු  සේවයෙන් විශ්‍රාම යන බව අද ( 14 ) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නිවේදනය කෙරෙණි.

අද ශ්‍රේෂ්ඨාධිකරණ 502 ශාලාවේ ඊවා වනසුන්දර ,බුවනෙක අලුවිහාරේ සහ විජිත් මළල්ගොඩ යන ත්‍රිපුද්ගල විනිසුරුවරු අසුන්ගත්හ.

එම විනිසුරු මඩුල්ල විනිසුරු ආසනවල අසුන් ගැනීමෙන් පසුව  විනිසුරු බුවනෙක අලුවිහාරේ මහතා නිවේදනය කර සිටියේ ඊවා වනසුන්දර විනිසුරුවරිය සිය වසර 40ක සේවා කාලයේ නිමවා අද දින විශ්‍රාම ලබන බවයි.මේ සම්බන්ධයෙන් ඇයට සුබපතන බවද විනිසුරු අලුවිහාරේ මහතා සඳහන් කළේය.

ඉන් පසුව  නඩු කටයුතු සඳහා 502 අධිකරණ ශාලාවේ සිටි ජනාධිපති නීතිඥ ඊ කන ඊශ්වරන් මහතා විනිසුරු වනසුන්දර මහත්මිය වෙත සිය ප්‍රණාමය පුදකරන අතර වසර 40ක  සේවා කාලය තුළ ඉටු කළ මෙහෙවර පිළිබඳව ඇගයීමට ලක්කරන බවද  කියා සිටියේය.

වනසුන්දර විනිසුරුවරියට සුවදායි විශ්‍රාම දිවියක් ප්‍රාර්ථනා කරන බවද ජනාධිපති නීතිඥවරයා කියා සිටියේය. සෙසු නීතිඥවරුන් ද විනිසුරු වනසුන්දර විනිසුරුවරිය වෙත සිය සුබ පැතුම් පළකර සිටියේය.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Rating*

Check Also
ලක්බිම මාධ්‍යවේදීන් සහ සේවකයන් එළියට දමයි
තිලංග සුමතිපාල මහතා විසින් පවත්වා ගෙන ගිය දිනපතා ලක්බිම පුවත් පත වසා දමා එහි සේවකයන් ...