free page hit counter

මත්පැන් පානයකර සිටි පියා දුන් තේ එකෙන් සිහිනැති වෙලා – 15 හැවිරිදි දියණිය කෙළෙසා ගැබිනියක කළ දෙදරු පියා රිමාන්ඞ්

Gossip local 1626

මත්පැන් පානය කර නිවසට පැමිණ සිය 15 හැවිරිදි දියණියට අතවර කර ගැබිනියක් කළ දෙදරු පියකුව මෙම මස 24 වැනි දින දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙස කළුතර වැඩ බලන මහෙස්ත්‍රාත් වජිර ලක්‍ෂමන් අසුරප්පුලි මහතා පසුගියදා (16දා) නියෝග කළේය.

මෙහි සැකකරු වූයේ පයාගල කලමුල්ල ප්‍රදේශයේ පදිංචි අයෙකි.

පළමු දිනයේ මත්පැන් පානය කර නිවසට පැමිණ තේ එකක් තමන්ට සාදා දුන් බවත් තේ පානය කිරීමෙන් පසු සිහිය නැති වූ විට පියා තමන් දූෂණය කළ අතර පසුව දිනක නැවත වරක් නිවස තුළදී තමන් පියා දූෂණය කළ බව අතවරයට ලක්වූ දැරිය පයාගල පොලිසියට ප්‍රකාශ කළ බව පයාගල පොලිසියේ සැරයන් විජේරත්න මහතා අධිකරණය හමුවේ කියා සිටියේය.

මව කළුතර පුද්ගලික රෝහලක සේවය කරන අතර අසනීප තත්ත්වයෙන් පසුවූ දියණිය නාගොඩ රෝහලට ගොස් වෛiවරයකුට පෙන්වූ විට දැරිය ගැබිනියක් බව ආවරණය වූ බවද පොලිසිය සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් කියා සිටියේය.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Rating*

Check Also
මගුල් කාර් එක අධිවේගයේදී අනතුරකට පත්වෙලා මනාල යුවළට වෙච්ච වැඩක්
දක්ෂිණ අධිවේගී මාර්ගයේ 99 වැනි කිලෝමීටර් කණුව අසලදී මනාල යුවළක් ගමන්ගත් මංගල රථයක් අධිවේගී මාර්ගයේ ...