free page hit counter

ලොතරැයි කූඩුවක ජීවිතය ගෙවන පුංචි දුවගේ කතාව

Gossip 1158

මහරගම , උඩහමුල්ල හොරයිසන් ජාත්‍යන්තර පාසල ආසන්නයේ මහා මාර්ගය අයිනේ ලොතරැයි කූඩුවක ජීවත්වන මහරගම බුවනෙකබා පාසලේ හත්වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන දිනිති දිමල්කා සිසුවිය පිළිබඳව සමාජජාල තුල කතාබහක් ඇතිවී තිබේ.

පියා අහිමිවීම නිසා දිනිති සහ ඇගේ මව මෙම ලොතරැයි කූඩුව තුල ජීවත් වන අතර එම දැරිය අධ්‍යාපනය සදහා දැඩි උනන්දුවකින් ක්‍රියාකරන බවයි වාර්තා වන්නේ.

නත්තල් දිනයේදී මහරගම නාගරික මන්ත්‍රී ධනුෂ්ක රාමනායක විසින් එම දැරියගේ අධ්‍යාපන කටයුතු සදහා යම් උපකාරයක් සිදුකල අතර ඇයට නිවසක් ඉදිකර දීම සදහා ඊට දායක විය හැකි පාර්ශවයන්ගේ සහයෝගයද ඉල්ලා සිටියා.

එම වීඩියෝව පහතින් දැක්වේ.

ලොතරැයි කූඩුවක ජීවිතය ගෙවන ආදරණීය දියණියකට සහ මවකට නත්තල් දා හැකි පමණින් උදව් කලෙමි. දිනිති දිමල්කා දියණියගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමට හැකි අන්දමින් උදව් කරමු!

Posted by Dhanushka Ramanayake on Tuesday, December 25, 2018


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Rating*

Check Also
නත්තලට Disney වෙතින් ළමයින්ට පිදෙන Nut Cracker
නත්තලට දරු දැරියන් බලා සිටින්නේ නත්තල් සීයාගෙන් තෑගි බෝග දෝත පුරා ලබා ගැනීමටය. 1816 තරම් ...