free page hit counter

ජොන්ස්ටන්ට එරෙහි නඩුවේ තීන්දුව ජනවාරි අවසානයේදී

local 1040

මහින්ද රාජපක්ෂ පාලන සමයේ අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කරමින් සිටියදී සිය වාර්ෂික වත්කම් සහ බැරකම් ප්‍රකාශය ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් චෝදනා ගොනු කර තිබෙන් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහි නඩුවලට අදාළ තීන්දුව මේ මස 29 වනදා ප්‍රකාශ කරන බව කොළඹ මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඊයේ (02) නිවේදනය කර තිබේ.

නඩුවට අදාළ ලිඛිත දේශන පාර්ශව කරුවන් විසින් අද අධිකරණ වෙත බාර දී ඇත.

සියලු කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය එම නඩුවලට අදාළ තීන්දුව මේ මස 29 ප්‍රකාශ කරන බව නිවේදනය කර තිබේ.

2010 වසරේ සිට 2014 වසර දක්වා කාලසීමාව තුළ අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කරමින් සිය වාර්ෂික වත්කම් සහ බැරකම් ප්‍රකාශය ඉදිරිපත් නොකිරීම තුළින් අල්ලස් පනත යටතේ වරදක් සිදුකර ඇතැයි චෝදනා කරමින් ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයාට එරෙහිව අල්ලස් කොමිසම නඩු 05ක් ගොනු කර තිබේ.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Rating*

Check Also
රාජිතට මඩ ගසා පොහොට්ටුව පුප්පන්න ගිය පිරිස ගෙන් මාධ්‍යයට තර්ජන
පොහොට්ටු පක්ෂයේ අවශ්‍යතාවක් ඉටු කරන්නට ගිය සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයන්ගේ සංවිධානයේ සභාපති ඇතුළු පිරිසක් ...