free page hit counter

රෝහිත රාජපක්ෂ ගැන අමුතු කතාවක් ‌: රෝහිත කියන්නෙ මහින්දගේ මල්ලිගේ බාල පුතාලු

Gossip Politics 1035

රාජපක්ෂ පවුලේ ඉතිහාස කතා අතර රස බර දේ මෙන්ම දුක්ඛිත දේද ඇත. එමෙනම් ආස හිතෙන දේවල් මෙන්ම පිළිකුල් සහගත දේවල්ද ඇත.එම පවුලේ ඉතිහාසය.නැත්නම් මුලාරම්භයම අභිරහසකි.ඩී එම් රාජපක්ෂගේ සහ ඩී ඒ රාජපක්ෂගේ පියා කවුරුන්ද.? ඔහු මොනවද කළේ ? ඔහු හම්බන්තොටට ආවේ කොහේ සිටද.? මැදමුලන වලව්වේ කතාව මොකක්ද..? ආදීය ගැන සත්‍ය තොරතුරු රහස් ලෙසම පවතී.එතේන් සිට තවත් බොහෝ කතන්දර ප්‍රසිද්ධ වීම වැලක්වා ද තිබේ.
 
මේ පවුලේ සැඟවූ තවත් කතන්දරයක් ගැන ලියන්නට සිතුනේ පසුගියදා පැවැති එම පවුලේ විවාහ මංගල්‍යය නිසාය.මහින්ද රාජපක්ෂ ගේ බාල පුතුගේ විවාහය ලෙස එය පැවැත් විණි.රොහිත සහ මහින්දගේ ඡායාරුප බොහොමයක් සමඟ පලවූ සටහන් වල දරුවෙකුගේ විවාහ මංගල්‍යයකදී තාත්තා කෙනෙකුට දැනෙන සතුට ගැන දාරක ප්‍රේමයේ වර්ණනාවලින්ද පිරී තිබිණි.
 

මහින්ද රාජපක්ෂ රෝහිතට සැලකුවේ තමන්ගේ අනෙක් වැඩිමහළු පුත්‍රයන් දෙදෙනා වන නාමල්ට හා යෝෂිතට නොවෙනස්වය. ඔව් එහෙම වෙනස් කමක් කිසිවකු දු‍ටුවේ නැත. ඒ මහින්ද රාජපක්ෂගේ පුතුන් තිදෙනාය.එහෙත් මෙහි වෙනසක් තිබේ.ඒ රෝහිතගේ මුහුණුවරින් හැඩයෙන් චරිතයෙන් පමණක් නොවේ. ජානමය වෙනස්කමක්ද තිබේ.මන්ද රොහිත රාජපක්ෂ යනු මහින්දට දාව ඉපදුනු පුත්‍ර රත්නයක් නොවන නිසාය.
 
එහෙනම් රොහිත යනු කවුද?
 
ඔව් රොහිත කියන්නේ මහින්දගේ සොහොයුරු චන්ද්‍ර ටියුඩර් රාජපක්ෂගේ දෙවන පුත්‍රයාය.රෝහිත රාජපක්ෂ මෙලොවට බිහිවී වැඩි කාලයක් තමන්ගේ මවු ගේ සෙනෙහස බුක්ති විඳිමට ඉඩක් ලැබුණේ නැත. ඔහුට මව අහිමි විය.මව නැතිව කිරි සප්පයකු පොෂණය කිරීම තාත්තෙකුට බරපතල අභියොගයකි.නමුත් ඔහුට ඒ වගකීම දරන්නට ඉඩ නොදුන්නේ සිය සොහොයුරු මහින්ද රාජපක්ෂගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂය.එම දරුවා තමන්ගේම දරුවකු මේන් හදා වඩා ගැනීමේ වගකීම ශිරන්ති භාර ගත්තාය.චන්ද්‍ර ටියුඩර් එම වගකීමේන් නිදහස් විය. නමුත් එක කුස උපන් රෝහිතගේ වැඩිමල් සොහොයුරු චමින්ද පමණක් ටියුඩර් සමඟ හැදී වැඩිණි.රෝහිත, අම්මා ත්තාත්තා කීවේ ශිරන්තිට සහ මහින්දටය.ඔවුන් දෙපලට රෝහිත යනු තමන්ගේම දරුවෙකු වූවා මිස ඥාති පුත්‍රයා නොවීය.ඒ අතින් මහින්ද හා ශිරන්ති , රෝහිත වෙනුවෙන් කර ඇති කැප කිරීම ගැන ඇගයීම හැර කියන්න කිසිදු දොසක් ඇත්තේ නැත. මුළු ලෝකයම දන්නේ රොහිත මහින්දගේම බාල පුත්‍රයා ලෙසයි.
 
පවුලේ සමීප හිතවතුන් මේ රෝහිත ගැන අපූර්ව කතා මෙම ලියුම් කරු සමඟ පවසා තිබේ. එක කතාවක් නම් මහින්දගේ පවුලේ ගොබ්බයකු නොවන එකෙකුට ඉන්නේ රෝහිත පමණක් බවය. මනුස්සකම් අතින්ද, මිත්‍රශීලී බවය අතින්ද දැනුම් තෙරුම් කමින්ද රෝහිතට අනෙක් සැවොම දෙවෙනි බව ඔවුන් පවසයි.එසේම දේශපාලනය ගැන ඉතා තියුණු දැක්මක්ද ඔහු සතුව ඇති බව කියයි. එම පවුලෙන් දේශපාලනයට වෙන කිසිවකු හෝ එනවා නම් ඒ රෝහිත පමණක් විය යුතු බව කියන පිරිසද සිටී.
 
රෝහිත වෙනස්ය..ඒ රූපෙන් , චරිතයෙන් දැනුමේන් පමණක් නොව ජාන වලින්ද, නාමල්ට යෝෂිතට වඩා වෙනස්ය.ඔහුගේ පියා චන්ද්‍ර රාජප්ෂ කියන්නේද ඩී ඒ රාජපක්ෂ පවුලේ සිටි හැන්ඩිම කොල්ලා බවද හම්බන්තොට වාසීන් දන්න දෙයකි. ඔහු මේ වන විට ජීවතුන් අතර නොමැත.
 
කොහොම උනත් රෝහිත යනු මහින්දගේ පුත්‍රයා මිස වෙන කිසිවකු නොවේ.ලේ බඳීමට වඩා වැදගත් ලේස සැලකුවත් මේ බැඳීම ඊට වඩා වැදගත්ය.
 
– එස්.ඩි.හෙට්ටිආරච්චි –
 
(මෙම කතාවේ සත්‍යය අසත්‍ය තාවය ගැන එම ලේඛකයා විසින් වගකීම බාර ගණු ඇත.)
 
උපුටා ගැනීම badusure.lk ‌


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Rating*

Check Also
කිරිපිටි කොම්පැණිවලට ඕන විදියට රටේ සෞඛ්‍ය හසුරුවන්න දෙන්න බෑ
අපි කිරි පිටි කොම්පැණිකාරයින්ට යටවෙලා, කිරිපිටි කොම්පැණිකාරයින්ට ඕන විදියට මේ රට හසුරුවන්න, මේ රටේ ජනතාවගේ ...