free page hit counter
LATEST

අන්තවාදීන්ට නැවතත් රට ආපස්සට ගෙන යෑමට ඉඩ නොදී ශක්තිමත් වෙමු

Politics 1010

අද(21) දින කොළඹ, මඩකලපුව දේවස්ථාන සහ හෝටල් ඉලක්ක කර සිදුකළ බියගුලු ප්‍රහාරය පිළිබඳව තමා බලවත් සේ කණගාටු වන බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආර් සම්බන්දන් මහතා පවසයි.

ඒ මහතා මේ පිළිබඳ නිවේදනයක් නිකුත් කරමින් මේ බව පවසා තිබේ.

මෙම අපරාධවලට සම්බන්ධ අපරාධකරුවන් හඳුනා ගෙන නීතිය ඉදිරියට ගෙන ඒමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ජනාධිපතිතුමාගෙන් සහ අගමැතිවරයාගෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටින බව ද නිවේදනය කරයි.

මෙම බියගුළු ඛේදවාචකය හේතුවෙන් හිතවතුන්ගේ ජීවිත අහිමි වූ පවුල් සමඟ සහ යෝගයෙන් එක්ව නැගී සිටින ලෙස සියලු ශ්‍රී ලාංකීක ජනතාවගෙන් මම ඉල්ලා සිටිමි.

අන්තවාදීන්ට මෙම දේශය ආපස්සට ගෙන යාමට නොලැබෙන ලෙස අප ශක්තිමත්ව සහ එකමුතුව සිටිය යුතු බව ද සම්බන්දන් මහතා වැඩිදුරටත් දක්වා තිබේ.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Rating*

Check Also
රට තුළ නොසන්සුන්තාවයක් ඇතිවීම වැළැක්වීම ආණ්ඩුවේ වගකීමක්
අද (21) උදෑසන කතෝලික දේවස්ථාන තුනක් ඇතුලු රටේ ස්ථාන කිහිපයක සිවිල් පුරවැසියන් ඉලක්ක කොට එල්ල ...