free page hit counter

පකිස්තානු ජාතික ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ නියෝජිත පිරිසක් නැගෙනහිර නාවික විධානයේ සංචාරයක

local 1071

ශ්‍රී ලංකාවේ අධ්‍යයන චාරිකාවක නිරත වන පකිස්තානු ජාතික ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ එයාර් කොමදෝරු මුස්ටාෆා අන්වර් මහතා ඇතුළු නියෝජිත පිරිස පසුගිය (අප්‍රේල් 18) නැගෙනහිර නාවික විධාන මූලස්ථානයේ සංචාරයක නිරත වීය.

එහිදි, නාවික සම්ප්‍රදායනුකූලව සම්මාන මුරයක් පිරිනැමීමෙන් අනතුරුව විධාන මූලස්ථානය වෙත නියෝජිත පිරිස උණුසුම් අයුරින් පිළිගැනීමට කටයුතු කරන ලදී.

පකිස්තානු ජාතික ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ නියෝජිත පිරිස නැගෙනහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් සුමිත් වීරසිංහ මහතා හමුවිමෙන් පසුව, නැගෙනහිර නාවික විධානයේ කාර්යභාර්ය පිළිබඳව ආඥාපති විසින් එම නියෝජිත පිරිස දැනුවත් කිරීමට කටයුතු කළ අතර, පකිස්තානු නියෝජිත පිරිස විසින් සිය අධ්‍යයන කටයුතු පිළිබඳව ආඥාපතිතුමා දැනුවත් කරන ලදී. එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.

ඉන් අනතුරුව නියෝජිත පිරිස නාවික තඨාකාංගණයේ පිහිටි කෞතුකාගාරය නැරඹිමට ද එක් වූ අතර, එම අවස්ථාව සඳහා නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නිලධාරීන් පිරිසක් ද සහභාගී වී සිටියහ.

පසුව නාවික හා සාගරික විද්‍යාපිඨයේ සංචාරයකට එක් වූ නියෝජිත පිරිස නාවික හා සාගරික විද්‍යාපිඨයේ ආඥාපති, කොමදෝරු කළණ ජිනදාස මහතා හමුවි ද්විපාර්ශවික වශයෙන් වැදගත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සුහද කථාබහක නිරත වීය. එහිදි දෙරටේ අධ්‍යයන කටයුතු සම්බන්ධයෙන් විශේෂ කරුණු කිහිපයක් සාකච්ඡාවට බඳුන් විය. එම හමුව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරුණි.

මෙම අවස්ථාවන් සඳහා නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත ජ්‍යේෂ්ඨ නිලධාරින් පිරිසක් සහ ශ්‍රී ලංකාවේ පාකිස්තානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක, කර්නල් සජාඩ් අලි ඇතුළු නාවික හමුදා මුලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී විය.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Rating*

Check Also
වගකිව යුතු පුද්ගලයින් කුමන තරාතිරමකට අයත් වුවත් ඔවුනට එරෙහිව දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කරන බව අග්‍රාමාත්‍යවරයා පවසයි
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (21) උදැසන බෝම්බ ප්‍රහාරයට ලක්වූ කොච්චිකඩේ කතෝලික දේවස්ථානයට හා  කටාන ...