free page hit counter
LATEST

ප්‍රහාර පිළිබඳ පාර්ලිමේන්තුවෙන් ගතයුතු පියවර ගැන විශේෂ අවධානයක්

Politics 1008

අද පෙරවරුවෙහි කිසිවෙකුත් අපේක්ෂා නොකළ ලෙස රටෙහි වැදගත් ආගමික සිද්ධස්ථාන ඇතුළු ස්ථාන කිහිපයක සිදු වී ඇති පිපිරීම් සිද්ධි පිළිබඳව දැඩි සැළකිල්ල යොමු කරමින් පාර්ලිමේන්තුවෙන් ගතයුතු ක්ෂණික පියවර පිළිබඳවද සුවිශේෂ අවධානය යොමු කර ඇති බව කථානායක කරු ජයසූරිය මහතා ප්‍රකාශ කර සිටියි.

“මේ මොහොතේ මෙම තත්ත්වය කිසියම් ජාතියකට හෝ ආගමකට එරෙහි වූ විපතක් නොව අපගේ ආදරණීය මාතෘ භූමියටත් සහෝදරත්වයෙන් බැඳුණු සකලවිධ ශ්‍රී ලාංකික ජනතාවටත් මුහුණ දීමට සිදු වූ බරපතල විපතක් බව පැහැදිලිය.

උද්ගත වී ඇති මෙම තත්ත්වය තුළ ඉතා අවබෝධයෙන්, වගකීමෙන් සහ සහෝදරත්වයෙන් යුතක්තව සාමකාමීව කටයුතු කිරීම තුළින් මෙම මිලේච්ඡ ක්‍රියාදාමයේ අවසන් අරමුණු ඉඳුරාම ව්‍යවර්ථ කළ හැකිවනු ඇත.

එකම ශ්‍රී ලාංකික ජාතියක් ලෙස මනුෂ්‍යත්වයේ නාමයෙන් ජාති ආගම් පක්ෂ බේදයෙන් තොරව මෙම විපතට මුහුණ දීමට එක්වන ලෙස සමස්ථ රටවැසියන්ගෙන් ඉතා ඕනෑකමින් ආයාචනා කරමි.

අපගේ එක්සත් බව තුළ මෙම කුරිරු ප්‍රහාරයට වගකිව යුතු ම්ලේච්ඡ බලවේග අප ආදරණීය මාතෘභූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා දිවි හිමියෙන් කැප වන බව සපත කරමු.”

යනුවෙන් ඒ මහතා විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටියි.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Rating*

Check Also
දළදා මාළිඟාවේ ආරක්ෂාව තර කෙරේ
මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ ආරක්ෂාව තර කිරීමට පියවර ගත් බව දළදා මාළිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් ...