free page hit counter

බස්රථ – දුම්රියවල පාර්සල් ප්‍රවාහනය තාවකාලිකව නවතයි

local 1026

සියලු මගී ප්‍රවාහන පෞද්ගලික බස් රථවල ද පාර්සල් ප්‍රවාහනය තාවකාලිකව නවතා දමා ඇතැයි ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි. දුම්රිය පාර්සල් බාරගැනීම ද නවතා ඇතැයි දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා පවසයි.

අද(21) උදෑසන දේවස්ථාන සහ හෝටල් කිහිපයක සිදු වූ බෝම්බ පිපිරීම්වලින් අනතුරුව මගීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මෙම තීරණය කර ඇතැයි ඔවුහු පවසති.

මේ අනුව අද (21 දා සිට) කිසිදු පාර්සලයක් බස්රථවල පටවා නොගන්නා ලෙස රියදුරු සහ කොන්දොස්තරවරුන්ට දැනුම දී ඇත.

මෙයට අමතරව සියලු දුම්රිය ස්ථාන සදහා ආරක්ෂාව සපයන ලෙස පොලිසියට හා දුම්රිය ආරක්ෂක හමුදාවට උපදෙස් දී ඇතැයිද සාමාන්‍යාධිකාරීවරයා  පැවසීය.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Rating*

Check Also
ෂැන්ග්‍රිලා ප්‍රහාරයෙන් ශාන්තාත් සමුගනී
අද(21) උදෑසන කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයේ සිදු වූ බෝම්බ ප්‍රහාරයෙන් ප්‍රවීණ සූපවේදිනී ශාන්තා මායාදුන්නේ මහත්මිය සහ ...