free page hit counter
LATEST

රට තුළ නොසන්සුන්තාවයක් ඇතිවීම වැළැක්වීම ආණ්ඩුවේ වගකීමක්

Politics 1005

අද (21) උදෑසන කතෝලික දේවස්ථාන තුනක් ඇතුලු රටේ ස්ථාන කිහිපයක සිවිල් පුරවැසියන් ඉලක්ක කොට එල්ල කර ඇති ම්ලේච්ඡ හා බියගුළු ප්‍රහාරය කුමන අරමුණකින් කවුරුන් විසින් සිදුකරනු ලැබූවද එය දැඩි පිළිකුළෙන් යුතුව හෙළා දකින බව ජනතා විමුක්ති පෙරමුණ ප්‍රකාශ කර සිටියි.

මේ පිළිබඳව කඩිනම් පරීක්ෂණයක් පවත්වා සිදුවීම පිළිබඳ සත්‍ය රටට හෙළිකිරීමත් අපරාධකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමත් ආණ්ඩුවේ වගකීමක් බවත් මෙම සිදුවීම පදනම් කරගෙන රටතුළ නොසන්සුන්තාවයක් ඇතිවීම වැළැක්වීම ආණ්ඩුවේ වගකීමක් බවත් නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් ප්‍රකාශ කර සිටියි.

එසේම මෙම සිදුවීම පදනම් කරගනිමින් වෙනත් ගැටුම්වලට නොයන ලෙසත් ජාතිවාදී හෝ ආගම්වාදී ලෙස ගැටුම් ඇතිකිරීමට උත්සාහ කරන්නේ නම් ඊට හසු නොවන ලෙසත් අපි සියලූම ශ්‍රී ලාංකේය ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් ඔවුන් ප්‍රකාශ කරයි.

මිය ගිය සියලු දෙනා වෙනුවෙන් ඔවුන්ගේ පවුල්වලට හා ඥාතීන් වෙත සාතිශය සංවේගය පළකරන අතර තුවාල ලැබූවන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන බව ද ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Rating*

Check Also
අසත්‍ය ප්‍රචාරවලට රැවටෙන්න එපා
අද(21) උදෑසන කොළඹ හා තදාසන්න ප්‍රදේශ කිහිපයක සිදුවූ පිපිරීම් සම්බන්ධයෙන් විවිධ අරමුණු ඔස්සේ ගෙනයන ප්‍රචාරවලට ...