free page hit counter
LATEST

වගකිව යුතු පුද්ගලයින් කුමන තරාතිරමකට අයත් වුවත් ඔවුනට එරෙහිව දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කරන බව අග්‍රාමාත්‍යවරයා පවසයි

local Politics 1030

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (21) උදැසන බෝම්බ ප්‍රහාරයට ලක්වූ කොච්චිකඩේ කතෝලික දේවස්ථානයට හා  කටාන කටුවපිටිය දේවස්ථානයට පැමිණ තත්ත්වය පිළිබඳ සොයාබලා තිබේ. එහිදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අවශ්‍ය අංශ දැනුවත් කිරීමට කටයුතු කර ඇත.

මෙහිදී ප්‍රහාරයෙන් ජිවිතක්ෂයට පත්වුවන්ගේ පවුලේ උදවියට අග්‍රාමාත්‍යවරයා තම ශෝකය පළ කර ඇති අතර පොලිස් පරීක්‍ෂණවලින් අනතුරුව මේ සඳහා වගකිව යුතු පුද්ගලයින් කුමන තරාතිරමකට අයත් වුවත් ඔවුනට එරෙහිව දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කරන බවත් ඒ සදහා අවශ්‍ය සියලුම පහසුකම් හා අවශ්‍ය සියලුම බලතල ආරක්ෂක අංශ වෙත ලබා දෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේය.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Rating*

Check Also
අගමැති – අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ හමුවෙති- ඉදිරියේ දී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග පිළිබඳ පුළුල් සාකච්ඡා
අද (21) පෙරවරුවේ බෝම්බ පිපිරවීම් සිදුවූ ස්ථාන කිහිපයකට පැමිණි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එහි වත්මන් තත්ත්වය ...