free page hit counter

ශුද්ධෝත්තම පාප්වහන්සේ බෝම්බ ප්‍රහාරය හෙළා දකිති

World 1074

ශ්‍රී ලංකාවේ කතෝලික දේවස්ථාන හතරකට සහ හෝටල් හතරකට එල්ල වූ බෝම්බ ප්‍රහාර හෙළා දකින බව අති උතුම් ශුද්ධෝත්තම පාප්තුමෝ අද (21) ප්‍රකාශ කළහ.

“පාස්කු දිනයේදී දේවස්ථානවලට රැස් වී සිටි ශ්‍රී ලාංකිකයන් ඉලක්ක කරගනිමින් කරන ලද ප්‍රහාර ගැන මට දැනගන්නට ලැබුණා. ඒ සම්බන්ධයෙන් මම දැඩි වේදනාවටත්, කනගාටුවටත්, කම්පාවටත් පත්වෙනවා” යැයි පාස්කු දිනයේ විශේෂ දේව මෙහෙයම සඳහා වතිකානයේ ශාන්ත පීතර චත්‍රරශ්‍රය වෙත රැස්වී සිටි දහස් ගණනක් අමතමින් පාප්වහන්සේ කීහ.

“ක්‍රිස්තියානි ප්‍රජාවට මම මගේ කනගාටුව මෙන්ම දයාව සහ ප්‍රේමය ප්‍රකාශ කර සිටිනවා. මේ මිලේච්ඡ ප්‍රචණ්ඩ ක්‍රියාවලට ගොදුරු වූ ජනතාව වෙනුවෙන් අප යාඥා කරනවා” යැයි පාප්තුමෝ පැවැසූහ.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Rating*

Check Also
පිපිරීම් මරාගෙන මැරෙන ප්‍රහාර බවට සැකකෙරේ
කොළඹ සංචාරක හෝටල් තුනකට හා කොළඹ කොච්චිකඩේ, මීගමුව කටුවාපිටිය ශාන්ත සෙබස්තියන්, මඩකලපුව සීමන් යන දේවස්ථානවලට ...