free page hit counter

අම්පාර මහ රෝහලේ විරෝධතාවයක්

local 1060

අම්පාර මහ රෝහලට වෛද්‍ය අධිකාරි වරයෙකු ලෙස මුස්ලිම් ජාතික වෙද්‍ය වරයෙකු හදිසියේ අනුයුක්ත කිරීමට පියවර ගෙන ඇති බව කියන සිද්ධියක් හේතුවෙන් අද (30) එම රෝහලේ කාර්යමණ්ඩලය නිහඬ විරෝධ තාවයක නිරතවෙමින් වහාම එම ක‍්‍රියාමාර්ගය නතර කරන ලෙස රජයට බලකර සිටියහ.

මේ අතර උදෑසන සිටම මෙම සිද්ධිය හේතුවෙන් එහි කාර්ය මණ්ඩලය අතර දැඩි නොසන්සුන් තාවයක් හටගෙන තිබිණ.

මෙම රෝහලේ සේවය කළ වෛද්‍ය අධිකාරි වරයා මේවනවිට රෝගීව මාස හතක පමණ කාලයක් නේවාසිකව ප‍්‍රතිකාර ලබන අතර ඒ සඳහා වැඩ බලන වෛද්‍ය අධිකාරි වරයෙකු සේවය කරමින් සිටී.

එහෙත් රටතුල පවතින වාතාවරණය හමුවෙහි මෙසේ මුස්ලිම් ජතික වෛද්‍ය අධිකාරි වරයෙකු හදිසියේ අනුප‍්‍රාප්ත කිරීමෙන් රෝහල තුල ගැටලු රැසක් නිර්මාණය වීමට ඉඩ ඇති බව රෝහල් කාර්ය මණ්ඩලය පවසයි.

උද්ගතවූ ගැටලුවට විසඳුමක් ලබා ගැනීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ කාර්යමණ්ඩලය ඊයේ උදෑසන වැඩ බලන වෛද්‍ය අධිකාරි වරයාගේ නිල කාමරයේදී සාකච්චා කළහ.

මේඅතර එහි ප‍්‍රධාන රැස්වීම් ශාලාවේදී මේ පිලිබඳ ගතයුතු ඉදිරි පියවර ගැන තීරණ ගැනීමට වෘත්තීය සංගම් සහ එහි සාමාජික පිිරිස්ද විශේෂ සාකච්ජාවක් කැඳවා තිබිණ. ඒ අනුව සවස රෝහල් පරිශ‍්‍රය තුළදී මෙම නිහඬ විරෝධතාවය පල කෙරිණි.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Rating*

Check Also
අකිහිතෝ අධිරාජ්‍යයා කිරුළ හැරයාමට සැරසේ
තමා රජකිරුළ අතහැරීමට සූදානම් බව ජපානයේ අකිහිතෝ අධිරාජ්‍යයා ටොකියෝ නගරයේදී ප්‍රකාශකර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා ...