free page hit counter

උතුරෙන් සැකකටයුතු පුද්ගලයින් 25ක් අත්අඩංගුවට

local 1079

වවුනියාව නගරයේ මේ දක්වා කරන ලද සොදිසි මෙහෙයුම්වලදී සැකකටයුතු පුද්ගලයින් 13 දෙනෙකු ද මන්නාරම් දිස්ත්‍රික්කයෙන් සැකකටයුතු පුද්ගලයින් 12 දෙනෙකු  ද අත්අඩංගුවට ගෙන ඇති බව යුද හමුදාව පවසයි.

වවුනියාවෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයන් අතරින් 10දෙනෙකු ද මන්නාරමෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයන් අතරින් 9දෙනෙකු ද මුස්ලිම් ජාතිකයෝ වෙති.

කොළඹ හා මඩකලපුව ප්‍රදේශයන්ට එල්ල වූ බෝම්බ ප්‍රහාරයන්ට සම්බන්ධ ත්‍රස්ත සැකකරුවන් උතුරේ ස්ථාන කිහිපයක සැඟවී ඇති බවට ආරක්ෂක අංශ වෙත තොරතුරු ලැබීමත් සමඟ පුළුල් සෝදිසි මෙහෙයුම් ආරම්භ කර ඇත.

උතුරේ මුස්ලිම් ගම්මානයන්හි නිවාස, ආගමික ස්ථාන ඇතුළු සැකකටයුතු ස්ථාන පූර්ණ සෝදිසියකට ලක්කරමින් සිටින බවද උතුරේ ආරක්ෂක අංශ සඳහන් කරයි.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Rating*

Check Also
සයින්දමරුදු පිපිරීමට බෝම්බ-පුද්ගලයින් රැගෙන ගිය වෑන් රිය සමඟ අයෙක් අත්අඩංගුවට
කල්මුණේ, සයින්දමරුදු ප්‍රදේශයේ පිපිරිමට ලක් වු බෝම්බ සහ පුද්ගලයින් රැගෙන ගිය බවට සැකපිට වෑන් රියක් ...