free page hit counter
LATEST

කඩු 11 සමඟ තිදෙනෙක් අත්අඩංගුවට

local 1022

ගිරිඋල්ල ,ගැටවත්ත,දීකිරිකෑව ප්‍ර‍දේශයේ නිවසක් පිටුපස කුකුළු අපද්‍රව්‍ය ගැලිමට සලස්වා තිබු ගලියක් තුළ සඟවා තිබු කඩු 11 ක් සමඟ තිදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.

වයස අවුරුදු 30,34,36 වයස්හි පසුවන මුස්ලිම් පුද්ගලයින් තිදෙනකු  මෙසේ  අත්අඩංගුවට ගත් බව ගිරිඋල්ල පොලිසිය පවසයි .

කොළඹ අපරාධ කොට්ඨාශයට ලැබුණු තොරතුරක් මත කොම්පඤ්ඤවිදියෙන් අත්අඩංගුවට පත් සැකකරුවෙකුගෙන් කළ ප්‍රශ්න කිරිම් වලදි ලද තොරතුරු මත ගිරිඋල්ල දීකිරිකෑව ප්‍රදේශයේදි කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරින්ගේද සහය ඇතිව මෙම අත්අඩංගුවට ගැනිම සිදුකර ඇති අතර පළමු වර පරික්ෂාවේදි කඩු 8 ක් අත්අඩංගුවට පත්ව ඇත.

ගිරිඋල්ල පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක ප්‍රසන්න ජයලත් මහතා ඇතුළු නිලධාරින් විසින් දෙවැනි වරටත් එම ස්ථානය පරික්ෂා කිරිමට ගොස් ඇති අතර එහිදි  කුකුළු අපද්‍රව්‍ය බැහැර  කිරීමට සලස්වා තිබු ගලිය ආසන්නයේ සගවා තිබූ කඩුවක් සමඟ පොල් ගස් දෙකක් තුළ සඟවා තිබු තවත් කඩු දෙකක් සැකකරුවන් තිදෙදෙනෙකුද සමග අත්අඩංගුවටගත්බව පොලිසිය පවසයි.

ඒ අනුව එම ස්ථානයේ හා ඒ අවට තිබි කඩු  11 ක් අත්අඩංගුවට ගෙන ඇති අතර දෙවැනි වර අත්අඩංගුවට පත් කඩු 3 න් එකක් චීන කඩුවක්  බවද පොලීසිය කියයි.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Rating*

Check Also
පීවීසී බට තුළ සැඟවූ කඩු 2ක් සමඟ ව්‍යාපාරිකයෙක් අත්අඩංගුවට
වවුනියාව නගරයේ මේ දක්වා කරන ලද සොදිසි මෙහෙයුම්වලදී සැකකටයුතු පුද්ගලයින් 13 දෙනෙකු ද මන්නාරම් දිස්ත්‍රික්කයෙන් ...