free page hit counter

ටී 56 උණ්ඩ සමඟ නැ‘හිර ආණ්ඩුකාර කාර්යාලයේ දෙදෙනෙක් අත්අඩංගුවට

local 1081

කාත්තන්කුඩි නගරයේ ටෙලිකොම් පාරේ පිහිටි දේශපාලන කාර්යාලයක තිබී ටී පනස් හය ගිනි අවි උණ්ඩ 48 ක් සමඟ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ලේකම් කාර්ය මණ්ඩලයේ යැයි පැවසෙන පුද්ගලයන් දෙදෙනකු සැක පිට අද(30) උදේ අත්අඩංගුවට ගත් බව කාත්තන්කුඩි පොලිසියේ නිලධාරියෙක් පැවසීය.

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ඒ.එල්.එම් හිස්බුල්ලා මහතා කලක් තම දේශපාලන කාර්යාලයක් හැටියට මෙම ගොඩනැගිල්ල භාවිත කර ඇති බවත් එය පරීක්ෂා කළේ කාත්තන්කුඩි නගරයේ සිදු කෙරුණු හදිසි සෝදිසි කිරීම් යටතේ බවත් එම නිලධාරියා කීය.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇති එන්.එම්.ඒ කරීම් නමැත්තා කළමණාකාර සහාකාරවරයකු හැටියට ද එම්.අයි නසාර් නමැත්තා මහජන සබඳතා නිලධාරියකු හැටියට ද නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ලේකම් කාර්යාලයට අනුයුක්තව සේවය කරන බව එම නිලධාරියා කීය.

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ලේකම් කාර්යාලයෙන්  නිකුත් කළ හැඳුනුම්පත් දෙකක් ද ඔවුන් සතුව තිබී ඇති අතර එම හැඳුනුම්පත් දෙකම 2019 වසරේදී නිකුත් කළ ඒවා බව ද එම නිලධාරියා පැවසීය.

මෙම ටී පනස් හය උණ්ඩ අදාළ කාර්යාලයට ලැබුණේ කෙසේද යන්න ගැන ඔවුන්ගෙන් දිගටම ප්‍රශ්න කරන බව ද එම පොලිස් නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම හදිසි පරීක්ෂා කිරීම සඳහා කාත්තන්කුඩි පොලිසියට පොලිස් විශේෂ කාර්ය බළකායේ ද සහාය ලැබී තිබේ.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Rating*

Check Also
හමුදා නිල ඇඳුම් සමඟ මහවැලි ආරක්ෂක නිලධාරියෙක් අත්අඩංගුවට
රංදෙනිගල - රංටැඹේ ජලාශයන්හි ආරක්ෂාව වෙනුවෙන් රාජකාරි වල නිරත මහවැලි ආරක්ෂක අංශයේ සේවයේ නියුතුව සිටි ...