free page hit counter
LATEST

ප්‍රහාර ගැන සෙවීමට පත් කළ ත්‍රිපුද්ගල කමිටුවේ වාර්තාව 6 වැනිදා ජනපතිට

Politics 1021

පාස්කු ඉරිදා දිනයේදී දිවයින ස්ථාන කිහිපයකට එල්ල වූ බෝම්බ ප‍්‍රහාර පිළිබද සොයාබැලීම සදහා ජනාධිපතිවරයා විසින් පත්කළ විශේෂ ත‍්‍රිපුද්ගල කමිටුවේ පළමු වාර්තාව ලබන සඳුදා (6) දිනයේදී ජනාධිපතිවරයාට ලබාදීමට නියමිතය.

එම වාර්තාවෙහි ලැබුණු පසු එහි ඇති නිර්දේශයන් අනුව ජනාධිපතිවරයා ඉදිරි ක‍්‍රියාමාර්ග ගනු ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මාධ්‍ය කමිටු ප‍්‍රධානී, පාර්ලිමේන්තු මන්ත‍්‍රී තිලංග සුමතිපාල මහතා පැවසීය.

හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විජිත් මලල්ගොඩ, හිටපු අමාත්‍යාංශ ලේකම්වරයෙකු වන පද්මසිරි ජයමාන්න, හිටපු පොලිස්පති එන්.කේ ඉලංගකෝන් යන මහත්වරු මෙම කමිටුවේ සාමාජිකයෝ වෙති.

ඔවුන් විසින් මේ වන විට 8 දෙනෙකුගෙන් ප‍්‍රකාශ ලබාගෙන ඇති අතර තවත් 10 දෙනෙකු පමණ හමුවී තොරතුරු ලබාගෙන තිබෙන බව වාර්තා වී ඇතැයි ද තිලංග සුමතිපාල මහතා කීවේය. සුමතිපාල මහතා මේ බව පැවසුවේ කොළඹ දී අද (30) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Rating*

Check Also
උතුරෙන් සැකකටයුතු පුද්ගලයින් 25ක් අත්අඩංගුවට
වවුනියාව නගරයේ මේ දක්වා කරන ලද සොදිසි මෙහෙයුම්වලදී සැකකටයුතු පුද්ගලයින් 13 දෙනෙකු ද මන්නාරම් දිස්ත්‍රික්කයෙන් ...