free page hit counter

බර්කිනා ෆාසෝහි පල්ලියක වෙඩිතැබීමකින් 6 ක් මරුට

World 1102

බර්කිනා ෆාසෝහි පොතෙස්තන්ත්‍ර පල්ලියක සිදුකරන ලද වෙඩිතැබීමකින් හයදෙනකු පමණ මියගොස් ඇතැයි වාර්තා වේ.

යතුරුපැදි හතකින් පැමිණි ඝාතයන් විසින් පල්ලියේ පුජකවරයා සහ ඔහුගේ පුතුන් දෙදෙනා ද යාඥා කිරීම සඳහා පැමිණි වැසියන් තිදෙනකු ද මෙලෙස මරාදමා ඇත.

ඉරුදින පූජාව අවසානයේ මෙම වෙඩිතැබීම සිදුවූ බව පොලිසිය පවසයි.

බටහිර අප්‍රිකානු රටක් වන බර්කිනා ෆාසෝහි 2016 වර්ෂයේ සිට ජිහාදි ප්‍රචණ්ඩ ක්‍රියා පවතින නමුත් පල්ලියකට එල්ලවූ ප්‍රථම ප්‍රහාරය මෙය බව මාධ්‍ය වාර්තා කර ඇත.

මෙම ජිහාදි කණ්ඩායම් අල්කයිඩා සංවිධනය සහ අයිඑස් සංවිධානය සමග සබඳතා පවත්වන බවත් ස්වදේශීය කණ්ඩායම් වල සහාය ලැබෙන බවත් ආරක්ෂක අංශ පවසති.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Rating*

Check Also
2019 මැයි මස 17 සිට 2019 මැයි මස 24 දක්වා සතියේ ලග්න පළාපල.
විශේෂයෙන් මේ කාලයේ ඔබට විපත් බහුල කාලයක් බව පේනවා. යම් යම් අප රටේ පමණක් නොව ...