free page hit counter

හමුදා නිල ඇඳුම් සමඟ මහවැලි ආරක්ෂක නිලධාරියෙක් අත්අඩංගුවට

local 1078

රංදෙනිගල – රංටැඹේ ජලාශයන්හි ආරක්ෂාව වෙනුවෙන් රාජකාරි වල නිරත මහවැලි ආරක්ෂක අංශයේ සේවයේ නියුතුව සිටි මුස්ලිම් ජාතිකයෙකු සතුව තිබී හමුදා නිල ඇඳුම් දෙකක් අත්අඩංගුවට ගත් බව හසලක පොලිසිය පවසයි.

ඔහු සතුව තිබී හමුදා රාත්‍රී රාජකාරි කටයුතු කරන කළු පැහැති සම්පූර්ණ නිල ඇඳුමක්, කලිසමක් හා හමුදා කැමා ඇඳුම් කට්ටලයක් පොලිසිය විසින් සොයාගෙන ඇත.

අත්අඩංගුවට ගත් නිලධාරියා 39 හැවිරිදි බදුල්ල, වෙලේගෙදර ප්‍රදේශයේ පදිංචි එක් දරු පියෙකි.

සැකකරුගේ නේවාසිකාගාරයේ බෑගයක තිබී මෙම හමුදා යුද ඇඳුම් පොලිසිය විසින් සොයාගෙන ඇත.

සැකකටයුතු ක්‍රියාවක් සඳහා මෙම ඇඳුම් යොදගත්තේද යන්න සම්බන්ධයෙන් හසලක පොලිසිය විමර්ශන පවත්වයි.

අත්අඩංගුට ගත් පුද්ගලයා හා හමුදා නිල ඇඳුම් මහියංගන මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Rating*

Check Also
ප්‍රහාර ගැන සෙවීමට පත් කළ ත්‍රිපුද්ගල කමිටුවේ වාර්තාව 6 වැනිදා ජනපතිට
පාස්කු ඉරිදා දිනයේදී දිවයින ස්ථාන කිහිපයකට එල්ල වූ බෝම්බ ප‍්‍රහාර පිළිබද සොයාබැලීම සදහා ජනාධිපතිවරයා විසින් ...