free page hit counter
LATEST

ජූලි 1 සිට රාජ්‍ය සේවකයින්ට රු2500ක මාසික දීමනාවක්

local 1107

රාජ්‍ය සේවකයන්ට රු. 2500/- මාසික දීමනාව ගෙවීමේ චක්‍රලේඛය මේ වන විට නිකුත් කර ඇතැයි මුදල් අමාත්‍යාංශය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය මේ බව සඳහන් කර තිබේ.

ඒ අනුව, මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ඉදිරිපත් කරන ලද 2019 අයවැය මඟින් යෝජිත පරිදි රු. 2500/- ක මාසික අන්තර් දීමනාව ජූලි මස 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි සියලු රාජ්‍ය සේවකයන් හට ගෙවනු ලැබේ.

මේ සඳහා වන චක්‍රලේඛය මහා භාණ්ඩාගාරයේ එකඟතාවය ඇතිව රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශය විසින් සියලු අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන් හා දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙත දැනටමත් නිකුත් කර ඇති බව ද අමාත්‍යාංශය සඳහන් කරයි.

අන්තර් දීමනාව වශයෙන් රු. 2500/- ක් ජූලි 01 සිට ගෙවනු ලැබූවද රාජ්‍ය සේවකයන් හට මාසිකව ගෙවනු ලබන රු.7800/- ජීවන වියදම් දීමනා ගෙවීමද තවදුරටත් එලෙසම ක්‍රියාත්මක වන බව ද මුදල් අමාත්‍යාංශය නිකුත් කල නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Rating*

Check Also
ත්‍රස්ථ ප්‍රහාරයෙන් පවුල් 344ක් විපතට- පවුල් 156ක එක් මරණයක් හෝ සිදුවෙලා
ත්‍රස්ථ ප්‍රහාරයෙන් විපතට හා හානියට පත්වු පවුල් සවිබලගැන්වීම සඳහා මානව සංවර්ධන විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම ...