free page hit counter

ත්‍රස්ථ ප්‍රහාරයෙන් පවුල් 344ක් විපතට- පවුල් 156ක එක් මරණයක් හෝ සිදුවෙලා

local 1097

ත්‍රස්ථ ප්‍රහාරයෙන් විපතට හා හානියට පත්වු පවුල් සවිබලගැන්වීම සඳහා මානව සංවර්ධන විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය අරමුදල් සලසා ගැනීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

පසුගිය දා සිදුවු ත්‍රස්ථ ප්‍රහාරයෙන් විපතට පත්ව ඇති සමස්ත පවුල් සංඛ්‍යාව 344ක් වන අතර, ඉන් පවුල් 156 ක එක් මරණයක් හෝ සිදුව ඇති බව ද වාර්තා වෙයි.

පවුල් 188 කින් අවම වශයෙන් එක් පුද්ගලයෙකු හෝ තුවාල ලබා ඇති බව බවත් වාර්තා වෙයි.

මෙම පවුල්වල සියලු සාමාජිකයින්ගේ සමාජ, ආර්ථික, සංස්කෘතික, අධ්‍යාපනික හා අධ්‍යාත්මික වශයෙන් ප්‍රතිසාධනය හා නැවත නඟා සිටුවීමට සඳහා කඩිනම් වැඩසටහනක අවශ්‍යතාව රජය විසින් හඳුනා ගෙන තිබේ.

ඒ අනුව මෙම ප්‍රහාර හේතුවෙන් බලපෑමට ලක්වු පවුල් සවිබලගැන්වීම සඳහා කතෝලික සභාවේ සමාජ සේවා ආයතනයක් වන “සෙත්සරණ“ ආයතනයේ සම්බන්ධීකරණය සහිතව නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය මඟින් “ස්වශක්ති“ මානව සංවර්ධන විශේෂ වැඩිසටහන ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය අරමුදල් සලසා ගැනීම පිණිස අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස කැබිනට් අනුමැතිය හිමිව ඇත.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Rating*

Check Also
ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 65කට විශිෂ්ඨ සේවා විභූෂණ පදක්කම්
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් යුධ, නාවික හා ගුවන් හමුදාවන්ට අයත් නිත්‍ය බල සේනාවන්හි ජ්‍යෙෂ්ඨ ...