Get all the latest news, Politics, Sri Lankan daily hot Sinhala, hottest celebrity gossip and much more on LNR.lk

දර්ගානගර්හි දී අත්අඩංගුවට පත් ත්‍රස්ථවාදීන්ගේ සමීපතමයෙක් TID බාරයට

local

පාස්කු ඉරුදින ප්‍රහාරයේ ත්‍රස්තවාදී කණ්ඩායම් සමඟ සමීප සබඳතා පැවැත්වූ බවට දර්ගානගර් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් සැකකරු ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට බාර දී තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධීකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ අදාල සැකකරු අප්‍රේල් මස 27 වනදා අලුත්ගම පොලීසිය මඟින් දර්ගා නගරයේදී අත්අඩංගුවට ගත් බවයි.

ඔහු රඳවා තබාගෙන සිදුකළ ප්‍රශ්න කිරිම්වලදී මරාගෙන මැරුණු බෝම්බකරුවෙකු වූ මොහොමඩ් බසීර් මොහොමඩ් ෆස්හාන් යන අය සමඟ සමීප සබඳතා පැවැත්වූ බවට අනාවරණය වී තිබේ.

ඒ අනුව අදාල සැකකරු වැඩිදුර විමර්ශන සඳහා ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයට භාරදුන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසුවේය.


Written by

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Check Also
ලියාපදිංචි නොකල වාහන යොදාගෙන සිදුකල කළ කෝටි ගණනක වංචාවක්
ආනයන නීතිරීති වල ඇස් වසා හොරෙන් ආනයනය කළ වාහන කොටස් ගෙන්වා එකලස් කරමින් සිදුකරගෙන ගිය ...