free page hit counter
LATEST

වන අලි පහරින් තිදරු පියෙක් ජීවිතක්ෂයට

local 1121

වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ඌව කුඩා ඔය යෞවන කුමාර පුර ප්‍රදේශයේ දී වන අලි පහරදීමකින් තිදරු පියෙකු ජීවිතක්ෂයට පත් වී ඇත.

ඊයේ (21) රාත්‍රි කුඹුර ආරක්ෂා කර ගැනීම සඳහා රාත්‍රී මුරට පා පැදියෙන් ගමන් කරමින් සිටින අතර මෙම අලි පහර දීම සිදු වී ඇති අතර මෙසේ මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු හැට එකක පුද්ගලයකු බව කුඩාඔය පොලීසිය ප්‍රකාශ කරයි.

මෙම ප්‍රදේශයට දීර්ඝ කාලයක සිට වන අලි තර්ජනය උග්‍ර ලෙස පවතින අතර මෙම ගැටලුව සඳහා මේ වන තෙක් නිසි විසදුමක් ලබා දී නොමැති බව ප්‍රදේශයේ ජනතාව ප්‍රකාශ කර ඇත.

වන අලි ගම්වැදීම නිසා මිනිස් ජීවත, දේපල මෙන්ම වගාවන් දිනෙන් දින විනාශ වන බව ප්‍රදේශයේ ජනතාව ප්‍රකාශ කර සිටින අතර මේ ගැටලුවට කඩිනමින් විසදුමක් ලබා දෙන ලෙස ජනතාව බලධාරීන්ගේන් ඉල්ලීමක් කර සිටියි.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Rating*

Check Also
ජූලි 1 සිට රාජ්‍ය සේවකයින්ට රු2500ක මාසික දීමනාවක්
රාජ්‍ය සේවකයන්ට රු. 2500/- මාසික දීමනාව ගෙවීමේ චක්‍රලේඛය මේ වන විට නිකුත් කර ඇතැයි මුදල් ...