free page hit counter

වැල්ලම්පිටිය තඹ කර්මාන්ත ශාලාවේදී අත්අඩංගුවට ගෙන ඇප ලැබුණු සැකකරුවන්ට නොතීසි

local 1116

කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ බෝම්බකරුට අයත් බව කියන වැල්ලම්පිටිය ප්‍රදේශයේ පිහිටි තඹ කම්හලේ සේවය කරමින් සිටියදී අත්අඩංගුවට පත්ව පසුව ඇප මත මුදා හරින ලද සැකකරුවන් 08 දෙනෙකුට මේ මස 27 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නොතීසි නිකුත් කළේය.

වැල්ලම්පිටිය පොලීසිය සිදුකළ ඉල්ලීමක් පිළිගත් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා විසින් මෙම නියෝගය සිදු කරනු ලැබීය.

පාස්කු ඉරිදා සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර සිද්ධියෙන් පසුව වැල්ලම්පිටිය ප්‍රදේශයේ පිහිටි තඹ කම්හලේ සේවය කළ සේවකයින් දස දෙනකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර තිබුණි.

ඉන් සැකකරුවන් නව දෙනකු ඉකුත් 6 වනදා අධිකරණය මඟින් ඇප මත මුදා හළ අතර එක් සැකකරුවකුට ඇප කොන්දේසි සපුරාලීමට නොහැකිවීම හේතුවෙන් ඇප මත නිදහස් වීමට නොහැකි විය.

ඒ අනුව සැකකරුවන් 8 දෙනෙකු ඇප මත නිදහස්ව ගිය අතර ඔවුන්ට ලබන 27 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වා මහෙස්ත්‍රාත්වරයා විසින් නොතීසි නිකුත් කර තිබේ.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Rating*

Check Also
පාසල් වෙනස් කරන ක්‍රම හොයන්න අධ්‍යාපන අමාත්‍යාංශයේ කණ්ඩායමක් සිංගප්පූරුවට
ආගම් සහ භාෂා අනුව පාසැල් වෙන් නොකර පොදු පාසල් ක්‍රමයක් බිහිකිරීම අධ්‍යාපන අමාත්‍යවරයාට දැන් පැවරී ...