free page hit counter

ඥානසාර හිමියන්ට හදිසියේම නිදහස දුන්නේ ඇයි? – නිදහස් කිරීම පිටුපස ඇති ඇත්ත කුමක්ද?

Gossip 1231

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නිදහස ලබාදී උන්වහන්සේව යම්කිසි අයුරකින් කොටුකරගැනීමේ සැලසුමක් පවතින බවට සැක පහළ වී ඇති බව ජාතික නිදහස් පෙරමුණ පවසනවා.

එහි තරුණ කටයුතු ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි පද්ම උදයශාන්ත ගුණසේකර පැවැසුවේ උන්වහන්සේට නිදහස ලබාදීම යන කාරණය ඉතා පැහැදිලි මනසින් සහ නුවණින් උන්වහන්සේම තේරුම් ගතයුතුව පවතින බවයි.

මේ අවස්ථාවේදී තමන් වහන්සේව නිදහස් කිරීමට පියවර ගැනීම, එදා උන්වහන්සේ ඇතුළු භික්ෂුන්ට අන්තවාදීන් යැයි ඇඟිල්ල දිගු කළ අසාද් සාලි වැන්නවුන් උන්වහන්සේට නිදහස දෙන ලෙස පවසමින් බන්ධනාගාරයට පැමිණීම මෙන්ම තමන් වහන්සේ හිතන ලෙසට කිසිදු හේතුවක් නොමැතිව තමන් වහන්සේ සිරගත කළේ ඇයි? යන ප්‍රශ්නවලට තමන් වහන්සේම පිළිතුරු සපයා ගත යුතුයැයි ද හෙතෙම පැවැසීය.

රට, ජාතිය, බුද්ධශාසනය ආරක්ෂා කිරීමට උන්වහන්සේගේ ශක්තිය සහ ජවය තවදුරටත් අවශ්‍ය හෙයින් කුමන්ත්‍රණය හරිහැටි හඳුනාගෙන කටයුතු කරන ලෙස ගෞරවයෙන් උන්වහන්සේගෙන් ඉල්ලා සිටින බවද ඔහු කීවේය.

ජාතික නිදහස් පෙරමුණු පක්ෂ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු එසේ පැවැසීය.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Rating*

Check Also
වෙසක් පෝදා බෞද්ධ හිමි නමකට පොරවකින් පහර දුන් සැකකරු යලි රිමාන්ඩ්
වෙසක් පෝදා බීමත්ව ගොස් පන්සලේ හිමිනමකට පොරවකින් පහර දී තුවල සිදු කිරීමේ චෝදනාවට රක්ෂිත බන්ධනාගාර ...