free page hit counter

වෙන පාරකින් හිරෙන් එලියට ආපු ඥානසාර හිමියන් එලියට එන්න කලින් කරපු කවුරුත් නොදන්න වැඩේ මෙන්න

Gossip 1025

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් හිරෙන් නිදහස්ව යන විට උන්වහන්සේ සතුව තිබූ පොත්පත් ඇතුළු භාණ්ඩ රැසක් වැලිකඩ බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි සිරකරුවන්ට හා සැකකරුවන්ට පරිත්‍යාග කර ගොස් ඇති බව බන්ධනාගාර රෝහල් ප්‍රකාශකයෙක් පැවසුවා.

උන්වහන්සේ සිරගතව සිටින විට ගිහි – පැවිදි විවිධ පාර්ශ්වවලින් උන්වහන්සේට පොත්පත්, ඇඳ ඇතිරිලි, තුවා, සබන්, දත් බෙහෙත් හා දත් බුරුසු ඇතුළු භාණ්ඩ විශාල ප්‍රමාණයක් පරිත්‍යාග වශයෙන් ලැබී ඇති බවත් උන්වහන්සේ රෝහල් ගත රැඳවූවන්ට එසේ පරිත්‍යාග කර ඇත්තේ ඉහතකී ගිහි – පැවිදි පාර්ශ්වවලින් ලැබී තිබුණු එකී භාණ්ඩ බවත් එම ප්‍රකාශකයා පැවසුවා.

උන්වහන්සේට පරිත්‍යාග වශයෙන් ලැබී තිබුණු සිවුරු පමණක් උන්වහන්සේ නිදහස ලබා යනවිට රැගෙන ගියබවද එකී ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසුවා.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Rating*

Check Also
කුරුණෑගල වෛද්‍යවරයා අතින් දඹුල්ලේ දී සැත්කමට ලක්වුණ තවත් මවුවරුන් 10කගෙන් පැමිණිලි
දැනට අත්අඩංගුවේ පසුවන කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරි වෛද්‍යවරයා දඹුල්ල රෝහලේ සේවය කරන කල්හි ...