වෙසක් පෝදා බෞද්ධ හිමි නමකට පොරවකින් පහර දුන් සැකකරු යලි රිමාන්ඩ්
වෙසක් පෝදා බීමත්ව ගොස් පන්සලේ හිමිනමකට පොරවකින් පහර දී තුවල සිදු කිරීමේ චෝදනාවට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සැකකරුවෙකු පසුගිය 27දා තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරනයට ඉදිරිපත් කෙරුණා අතර ලබන 3 වනදා දක්වා නැවත රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබෙනවා.
මෙම සැකකරු පසුදිය වෙසක් පොහෝ දින රාත්‍රී 7ට පමණ ශ්‍රී දුටුගැමුණු බෞද්ධ මධ්‍යස්ථානයට බීමතින් පැමිණ ධාතු මන්දිරය බැලීමට අවසර ඉල්ලා තිබෙනවා.
එම අවස්ථාවේ ඔහු බීමතින් සිටි බැවින් එම අවස්ථාව පසුව සලසා දෙන්නම් යයි කීම නිසා මෙම මධ්‍යස්ථානයේ විහාරාධිපති හිමියන් සමග උරණවී ඇති සැකකරු නිවසට ගොස් නැවත පැමිණවිත් උන්වහන්සේට අත් පොරවකින් පහරදී තුවාල කර තිබෙනවා.
මෙම පහරදීමත් සමග සැකකරු මෙම ස්ථානයෙන් පලාගොස් ඇති සඟවා සිටියදී තඹුත්තේගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.