free page hit counter

කල්පිටියේ කරපු මෙහෙයුමකින් සැකකටයුතු පුද්ගලයින් 5ක්, අවි ආයුධ සහ තව්හිද් ජමාත් ලියකියවිලි තොගයක් හමුවෙයි

local 1087

කල්පිටිය – පල්ලිවාසල්තුරේ සහ තිහලි යන ප්‍රදේශ වල සිදු කරන ලද සෝදිසි මෙහෙයුම් වලදී සැකකටයුතු පුද්ගලයින් 05 දෙනෙකුව අවි ආයුධ සහ ලියකියවිලි සමග අත්ඩංගුවට ගැනීමට පොලීසිය සහ ත්‍රිවිධ හමුදාව සමත්වී ඇත.

පසුගිය 28 වැනිදා දවස පුරා පොලීසිය සහ ත්‍රිවිධ හමුදාව විසින් මෙම මෙහෙයුම් ක්‍රියාත්මක කරන ලදි.

පල්ලිවාසල්තුරේ ප්‍රදේශය තුළ කරන ලද සෝදිසි මෙහෙයුම් වලදී සැකකරුවන් දෙදෙනෙකුව අත්අඩංගුවට ගෙන ඇත.එක් සැකකරුවෙකු සතුව තිබී කැලෑ නිල ඇදුම් වලට සමාන ටී ෂර්ට් එකක් තිබී ඇත. අනෙක් සැකකරු සතුව තිබූ ශ්‍රී ලංකා තව්හිද් ජමාත් සංවිධානයට අයත් ලියකියවිලි තොගයක්ද සෝදිසි මෙහෙයුම් කරන ලද නිලධාරීන් විසින් තම බාරයට ගෙන ඇත.

තිහලි ප්‍රදේශය තුළ සිදු කරන ලද සෝදිසි මෙහෙයුම් වලදී සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. එක් සැකකරුවෙකු සතුව තිබී බලපත්‍ර සහිත බෝර 12 ගිනි අවියක්ද එම ගිනි අවියට යොදන ජීව උණ්ඩ 61 ක්ද සෝදිසි මෙහෙයුම් සිදු කරන ලද නිලධාරීන් විසින් සොයා ගෙන ඇත.

සැකකරුට නිකුත් කර ඇති ගිනි අවියේ බලපත්‍රයට අනුව ළග තබා ගත හැක්කේ ජීව උණ්ඩ 40 ක් පමණක් වන නමුත් ඔහු සතුව වැඩිපුර ජීව උණ්ඩ 21 ක් තිබූ බව මෙහෙයුමට සම්බන්ධ නිලධාරීන් සදහන් කරයි. තවත් සැකකරුවෙකු සතුව තිබී කඩුවක්ද, අනෙක් සැකකරු සතුව තිබී බලපත්‍රය කල් ඉකුත් වූ බෝර 12 ගිනි අවියක්ද, ජීව උණ්ඩ02 ක්ද සෝදිසි මෙහෙයුම් වල නිරත නිලධාරීන් විසින් සොයා ගෙන තිබේ.

සැකකරුවන්ද ඔවුන් සතුව තිබූ අවි ආයුධ සහ ලියකියවිලි වැඩිදුර විමර්ශණ කටයුතු සදහා කල්පිටිය පොලීසියට බාර දී ඇත.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Rating*

Check Also
සිංහල වැසියන්ට මුලිතිව්හි ඉඩම් ලබාදුන්නොත් ඊට එරෙහිව නැගී සිටිනවා, දේශපාලනඥයන් දෙන්නෙක්ගෙන් සැර කතාවක්
මුලතිව් දිස්ත්‍රික්කයේ කෝකිලායි හා නයාරූ ධීවර ගම්මානවල පදිංචිව සිටින සිංහල වැසියන්ට මුලතිව් දිස්ත්‍රික්කයේ ඉඩම් ලබාදීම ...