free page hit counter

කුණුහරුපෙන් බැන්නයි බෙල්ල කපා තිදෙරු පියෙකු මැරූ සැකකරුට මරණ දඩුවම

local 1071

කුණු හරුපෙන් බැන්නයි මහ මග රැක සිට වසර 22කට පෙර පුද්ගලයෙකු ඝාතනය කල සැකකරුවෙකුට හම්බන්තොට මහාධිකරණ විනිසුරු තාමර තෙන්නකෝන් මහතා අද (29) මරණ දඩුවම නියම කලේය.

මෙලෙස මරණ දඩුවම නියම කෙරුනේ පන්නෙගමුව තිස්සමහාරාම පදිංචි බදනගේ විමලසිරි නැමති තිදෙරු පියෙකුටය.

1997.07.05 වන දින පන්නෙගමුව හැළඹාන පාරේදි පන්නිගමුවලවීරවිල පදිංචි තිදෙරු පියෙකු වු අබේසිංහ ලියන ආරච්චිගේ ගාමිණි නැමති අය මන්නයකින් කපා කොටා ඝාතනය සම්බන්ධයෙන් සැකකරුට එරෙහිව නිතිපති වරයා විසින් හම්බන්තොට මහාදිකරණය හමුවේ නඩු පවරා තිබුණි. මියගිය ගාමීණී නැමති අය හා සැකකරු අතර බහින් බස් විමක් සිදු වි ඇති අතර ඉන් කෝපයෙන් සිටි බදනගේ විමලසිරි නොහොත් මාලු විමලේ නැමති අය ගාමිණී සිය පා පැදියෙන් ගමන් කරමින් සිටියදි පන්නිගමුව හැළඹාන පාරේ රැක සිට මාලු කපන මන්නයෙන් ඔහුට පහරදි තිබේ. සිය පාපැදිය මතම දරුණු කැපුම් තුවාල සහිතව එම ස්ථානයේදීම ගාමිණි මැරී වැටි සිටියේය. සිද්ධිය සම්බන්ධයෙන් තිස්සමහාරාම පොලීසිය පරික්ෂණ පවත්වා සැකකරු වන මාලු විමලේ නැමැත්තා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරුණි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් වු මුලික නඩු විභාගයෙන් පසු නීතිපති වරයා විසින් සැකකරුට එරෙහිව 2000 වසරේදි හම්බන්තොට මහාධිකරණයේ අධිචෝදනා බාරදීමෙන් පසු නඩු විභාගය ආරම්භ කෙරුණි. එහිදී සැකකරුට එරෙහිව නගා තිබු චෝදනාව සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු විම හේතුවෙන් මහාධිකරණ විනිසුරු තාමර තෙන්නකෝන් මහතා අද (29) දින සිය නියෝගය ප්‍රකශයට පත් කෙරුණි.

මෙහිදි මහාධිකරණ විනිසුරු වරයා නියෝග කෙරුනේ පැමිණිල්ල විසින් සැකකරුට එරෙහිව නගා තිබු චෝදනාව සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරිම හේතුවෙන් සැකකරුට මරණ දඩුවම නියම කරන බවයි. ඒ අනුව සැකකරු ශ්‍රි ලංකා ජනාධිපති වරයා විසින් නියම කරන වේලාවකදි ස්ථානයකදි බෙල්ලෙන් එල්ලා මරණයට පත් කරනතෙක් සැකකරු වැළිකඩ බන්ධනාගාරයේ සිර කර තබන ලෙසද බන්ධනාගාර නිළධාරින්ට නියෝග කෙරුණි. පැමිණිල්ල වෙනුවෙන් තිස්සමහාරාම පොලිසියේ පොලිස් කොස්තාපල් (91147) සදරුවන් රජයේ අධිනීතීඥ ගයාන් ලක්රුවන් පෙරේරා මහතා සමග පෙනීසිටියේය.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Rating*

Check Also
ගාල්ලට තද වැසි ගමනා ගමනයටත් බාධා
ගාල්ලට අද (29) දහවල් ඇද හැලුන අධික වර්ෂාව හේතුවෙන් ගාල්ල නගරයේ මාර්ග ජලයෙන් යටවීම හේතුවෙන් ...