free page hit counter

ග්‍රීසිය හා ඕලන්දය එක්ව මුහුදේ තැන්පත් වූ ප්ලාස්ටික් ධීවර දැල් ඉවත් කරන්න කල මෙහෙයුම

World 1074

ග්‍රීක හා ඕලන්ද ජාතික කිමිදුම් කරුවන් එක්ව ග්‍රීසියට අදාළ මුහුදු තීටයේ ඇති ප්ලාස්ටික් ධීවර දැල් ඉවත් කිරීමට කටයුතු කර තිබෙනවා.

මෙම දැල් කාලාන්තරයක් තිස්සේ මුහුදු පතුලේ තැන්පත් වීම නිසාවෙන් මාළුන් මෙන්ම මුහුදු ජීවින් රැසකගේ ජීවිත තර්ජනයකට ලක්ව තිබෙන බවයි ග්‍රීක වෙරල බලධාරීන් සඳහන් කරන්නේ.

තවද මෙම ධීවර දැල් ප්ලාස්ටික් වලින් නිමවා ඇති නිසා දිරාපත් වීමට වැඩි කාලයක් ගත වන බවත් මේ හේතුවෙන් මුහුදේ ශාක හා කොරල් පර වලටද ඉන් හානි පැමිණෙන බවත් ඔවුන් වැඩි දුරටත් සඳහන් කළා.

මේ නිසාවෙන් මෙම කිමිදුම් කරුවන් එක්ව අදාල ධීවර දැල් මුහුදින් ඉවත් කිරීමට කටයුතු ගැනුනා.

මෙම ධීවර දැල් ආම්පන්න ඉදිරියේදී ඇඟලුම් ක්ෂේස්ත්‍රය සඳහා යොදාගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Rating*

Check Also
කොදෙව්වන් යෝධ පහරවල්වලින් සියල්ල බය කරයි – ලකුණු 421ක් ගහලා
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නමවැනි පුහුණු තරගය ලෙස බටහිර ඉන්දීය කොදෙව් දූපත් සහ නවසීලන්තය අතර ...