Get all the latest news, Politics, Sri Lankan daily hot Sinhala, hottest celebrity gossip and much more on LNR.lk

ලෝක නායකයින් කළඹවමින් IS ත්‍රස්තවාදීන් අහිංසක ජනතාව ඉලක්ක කරගෙන ගින්නෙන් සිදුරකන්න යන අලුත්ම ප්‍රහාරය ගැන හෙළිවෙයි (PHOTOS)

Gossip

සිය සතුරාට එරෙහිව සිදුකරන නවතම ත්‍රස්තවාදී ක්‍රියාවක් සම්බන්ධව මේ වනවිට බොහෝ රටවලට හිසරදයක් වී සිටින අයි.එස් ත්‍රස්ත සංවිධානය තොරතුරු හෙළි කර තිබෙනවා.

ඒ අනූව ලැව්ගිනි ආකාරයෙන් අයි.එස් ත්‍රස්තවාදීන් විසින් සිය සතුරාට පහර දීම මේ වනවිට සිදුකරගෙන යන බවට වාර්තා වනවා.

එය එම ත්‍රස්ත සංවිධානය විසින් සනාථ කරමින් පවසන්නේ මෙය හුදෙක් විශාල ත්‍රස්ත ප්‍රහාර වල ආරම්භයක් පමණක් බවයි. තොරතුරු සහිතව අයි.එස් ත්‍රස්තයින් විසින් සඳහන් කරන්නේ මේ වනවිට ඔවුන් සිය සංවිධානයේ ග්‍රහණයෙන් ඉවත් වී යන සාමාජිකයින් සිටින ප්‍රදේශ වලට ලැව්ගිනි ආකාරයෙන් ප්‍රහාර සිදුකර ඇති බවයි.

එවැනි ප්‍රදේශ 11ක් මේ වනවිට ගිනිබත් කර ඇති බවට අයි.එස් ත්‍රස්තයින් කටයුතු කර ඇති බවයි ඩේලිමේල් පුවත් වෙබ් අඩවිය සඳහන් කරන්නේ. මේ අතර සිරියාවේ ගොවියන්ද මෙම ප්‍රහාර වලින් දැඩි ලෙස පීඩා විඳ ඇති අතර ඔවුන් මේ සම්බන්ධව මීට පෙර සිටම බලධාරීන් වෙත දන්වා තිබෙනවා. මෙම ලැව්ගිනි ප්‍රහාර වල වගකීමද අයි.එස් ත්‍රස්ත සංවිධානය විසින් භාරගෙන ඇති අතර මේ හේතුවෙන් වගා බිම් අක්කර ගණනාවක් විනාශ වී තිබෙන බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ.

මේ අතර ඊයේ ඉරාක සිවිල් ආරක්ෂක බලකායේ අධ්‍යක්ෂකවරයෙක් සඳහන් කලේ ඔවුන්ට එල්ලවී ඇති එවැනි ප්‍රහාර හේතුවෙන් අක්කර 6103ක් විනාශ වී ඇති බවයි. මේ අතර විනාශ වූ ගොවිපොළවල 136ක් ඇති බව සඳහන්.

කෙසේ නමුත් මෙම ලැව්ගිනි ආකාරයේ ප්‍රහාර විදෙස් රටවලටද බලපෑමට ඉඩ ඇති බවට බොහෝ ජාත්‍යන්තර මාධ්‍ය පෙන්වා දෙන අතර ඔවුන් මීට පෙර මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර , වාහන මගින් සිදුකල ප්‍රහාර , යුධ මගින් සිදුකර ඇති ප්‍රහාර ඇතුළු ප්‍රහාර රැසක් සිදුකර තිබෙනවා. කෙසේ නමුත් මේ අලුත් ප්‍රහාරාත්මක සැලසුම් යුරෝපීය රටවල සිදුකරනු ඇති බවට ඉඩ ඇති බවයි ත්‍රස්තවාදය සම්බන්ධ විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ.


Written by

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Check Also
යුරෝපා කොමිසමේ සභාපතීත්වයට ජර්මනියා හා ප්‍රංශය ගැටුමක
යුරෝපා කොමිසමේ සභාපතිවරයා තේරීමට පිළිබඳව ප්‍රංශය සහ ජර්මනිය අතර මතභේදාත්මක තත්වයක් ඇති වී තිබෙනවා. විදෙස් ...