free page hit counter

වන ජීවී නිලධාරීන්ට තර්ජනය කළ දෙදෙනෙක් පොලීසියට

local 1060

ආනවිළුන්දාව වන ජීවී නිලධාරීන්ට බැන තර්ජනය කළ බව කියන පුද්ගලයින් දෙදෙනෙකුව ආරච්චිකට්ටුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඊයේ (28) මෙම අත්අඩංගුව ගැනීම සිදු කර තිබේ.

ආනවිළුන්දාව වන ජීවී කලාපයට අයත් වැව් වල අනවසරයෙන් මසුන් මැරීම වන ජීවී නිලධාරීන් විසින් තහනම් කර ඇත.

නමුත් එම තහනම නොතකා වැව් වල මසුන් මරමින් සිටි පුද්ගලයින් ඉන් ඉවත් වන ලෙස වන ජීවී නිලධාරීන් දැණුම් දී තිබේ.

එම අවස්ථාවේදී පුද්ගලයින් දෙදෙනෙකු වන ජීවී නිලධාරීන්ට බැන තර්ජනය කර ඇත.

වන ජීවී නිලධාරීන් විසින් මේ බවට සිදු කරන ලද පැමිණිල්ලකට අනුව සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට කටයුතු කර අති බව වාර්තා වේ.

සැකකරුවන් දෙදෙනා හලාවත මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ආරච්චිකට්ටුව පොලීසිය වැඩිදුර විමර්ශණ සිදු කරයි.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Rating*

Check Also
පුළුවන්නම් මීට වඩා අඩු මිලකට විදුලිය අරගෙන පෙන්නන්න-රවී
ලංකා විදුලිබල මණ්ඩලයේ මුල්‍ය තත්ත්වය යහපත් කිරීම උදෙසා තාවකාලික, මධ්‍යම හා දීර්ඝකාලීන වශයෙන් විසදුම් ලබා ...