Get all the latest news, Politics, Sri Lankan daily hot Sinhala, hottest celebrity gossip and much more on LNR.lk

ඔට්ටුකරුවන්ගේ අනාවැකි – ලෝක කුසලානයේ වැඩි අවස්ථාව එංගලන්තයට. ශ්‍රී ලංකාවට 8වෙනි තැන

Sports

ලොව පුරා ක්‍රිකට්ලෝලීන් මහත් ඕනෑකමින් බලාසිටි 2019 ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලිය හෙට (30) ආරම්භ වීමට නියමිතය. තරඟාවලිය ආරම්භ කරමින් සත්කාරක එංගලන්තය හා දකුණු අප්‍රිකාව හෙට දින තරඟ වදිනු ඇත.

2019 ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව මුහුණ දෙන පළමු තරඟය යෙදී ඇත්තේ ජූනි 01 දිනටය. ඒ නවසීලන්තය සමඟයි.

ක්‍රිකට් ලෝක කුසලානය සඳහා කටයුතු සිදුවෙද්දී තවත් පිරිසක් මේ වෙත යොමු වී ඇත්තේ සැබෑ ක්‍රීඩාලෝලීත්වය නිසා නොව ඒ හරහා ඔට්ටු අල්ලා මුදල් ඉපයීම අරමුණු කරගනිමිනි.

ලොව පුරා නීත්‍යානුකූලව සිදුකෙරෙන මෙම ඔට්ටු ඇල්ලීම විශ්ලේෂණාත්මකව සිදුකෙරෙන්නෙකි. ඒ අනුව එක් එක් කණ්ඩායම්, ක්‍රීඩකයින් හට තරඟයෙන් තරඟයට මෙන්ම තරඟාවලිය සඳහාම ද ඔට්ටු ඇල්ලීම සිදුවේ.

ඔට්ටුකරුවන්ට අනුව 2019 ලෝක කුසලානයේ ජයග්‍රාහී පිල බවට පත්වීමට වැඩි ඉඩක් ඇත්තේ සත්කාරක එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමටයි. මෙම ලැයිස්තුවේ දෙවැනි තැනට ඉන්දියාව නම් කර තිබේ. තෙවැනි හා සිව්වැනි ස්ථාන පිළිවෙලින් ඕස්ට්‍රේලියාවට හා දකුණු අප්‍රිකාවට හිමි වී ඇත.

ඔට්ටුකරුවන්ගේ විශ්ලේෂණය පරිදි ශ්‍රී ලංකාව මෙවර ලෝක කුසලානය ජයග්‍රහණය කරනු ලබන කණ්ඩායම් ලැයිස්තුවේ සිටිනනේ 8 වැනි ස්ථානයටයි. ශූරයන් වීමට අවම අවස්ථාවක් ඇත්තේ ඇෆ්ගන්වරුන්ටය.

ඡායාරූපයෙන් දැක්වෙන්නේ මෙවර ලෝක ශූරයන් වෙනුවෙන් ඔට්ටු වටිනාකම් තීරණය වී ඇති ආකාරයයි. ජයග්‍රහණය කිරීමට වැඩි සම්භාවිතාවයක් ඇති රට වෙනුවෙන් අඩුම ඔට්ටු වටිනාකම නියම වී ඇති අතර අඩුම සම්භාවිතාවක් ඇති රට සඳහා ඉහළම ඔට්ටුව නියම වී තිබේ.


Written by

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Check Also
රුපියල 3.8%කින් අධිප්‍රමාණය වෙයි
2019 වසරේ මැයි 28 වැනි දින දක්වා කාලපරිච්ඡේදය තුළ දී ශ්‍රී ලංකා රුපියල එක්සත් ජනපද ...